Tuesday, January 17, 2017

SVSA President Reply !!! on current situation


සියලු කමිටු සාමාජිකයන් ගේ දැනුවත් වීම සඳහා,
මේ දිනවල අපගේ වෘත්තීය සංගමයේ කමිටු සාමාජිකයන් දැඩි ලෙස විවේචනය කරමින් ඉතා පහත් ආකාරයේ මඩ ගැසීමේ කටයුත්තක් Face book තුල සිදු වෙමින් පවතී.
අප සංගමයේ හිටපු සභාපති වෛද්‍ය කීර්ති කුමාර මයා විසින් පවත්වා ගෙන යන “SVSA” නැමති group එක මගින් අප කමිටුවේ සාමාජිකයන් හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ ව ඉතාමත් පහත් ආකාරයේ විවේචන, දෝෂාරෝපණ හා මඩ ගැසීමේ කටයුත්තක් සිදු වෙමින් පවතී. මෙය කුමක් අරමුණ කර ගනිමින් සිදු කරන්නේ ද යන්න පිළිබඳ ව වහා සොයා බැලිය යුතු ව ඇත. වෘත්තීය සංගමයේ කමිටු සාමාජිකයෙකු වන ඔහු මෙතෙක් පැවැත් වූ කිසිදු කමිටු රැස් වීමකට සහභාගි නොවී අනෙකුත් සාමාජිකයන් කරනු ලබන කැපවීම් පිළිබඳ ව තුට්ටුවකට මායිම් නො කර මෙසේ කටයුතු කරමින් ලබන්නේ කුමන ආකාරයේ වින්දනයක් ද යන්න පිළිබඳ ව ද ඇත්තේ බලවත් කනගාටුවකි.
එම group එක “SVSA” නම් කල ද එහි අපගේ සාමාජිකයන් නොවන අය පවා සිටින අතර පසුගිය කමිටුවේ ඡායාරූපයක් ද එහි යොදා ඇත. එහි සටහන් යොදා ඇති “පැතුම් බුද්ධික” නම් නැගෙනහිර පළාතේ සේවය කරනු ලබන මෙවර ස්ථාන මාරු ලැබ සිටින පශු වෛද්‍ය වරයා විසින් ඉතා මත් පහත් ආකාරයෙන් අප කමිටුව විවේචනය කර ඇති බව මා වෙත කීප දෙනෙකු විසින් දැනුම් දී ඇත.
නැගෙනහිර පළාතේ පශු වෛද්‍ය වරුන් ගේ ස්ථාන මාරු අයඳුම් පත් පළාත් සභාව විසින් නිර්දේශ කර නො එවූ අවස්ථා වේ අප මැදිහත් වී හිටපු අධ්‍යක්ෂ ජනරාල් තුමිය සහ රේඛීය අමත්‍යංශයේ ලේකම් තුමිය දැනුවත් කර පළාත් සභාවේ අනුමැතිය රහිතව ඔවුන්ගේ අයැදුම් පත්‍ර වල සෘජු පිටපත් ගෙන්වා ඒවා යොදා ගනිමින් ස්ථාන මාරු ලබා දීමට කටයුතු කරන ලදී.
මේ වන විට පශු වෛද්‍ය වරුන් කීප දෙනෙකු පමණක් එම පළාතෙන් නිදහස් කර ඇති අතර අනෙක් අය පිළිබඳ ව ආණ්ඩුකාර වරයා සමග සාකච්ඡාවක ට ජනවාරි 11 වෙනි දින යොදා සිටියද අවසන් මොහොතේ ඔහු විසින් පළමුව අමාත්‍යංශයේ ලේකම් සමග සාකච්ඡා කරන ලෙස පවසා සාකාච්ඡාව අවලංගු කරන ලදී.
නැගෙනහිර පළාතේ පළාත් අධ්‍යක්ෂ සහ ලේකම් සමග සාකච්ඡා කිරීමට ජනවාරි 19 දින යොදා ගෙන ඇත.

නමුත් මේ වන විට එම පළාතේ පැතුම් බුද්ධික යන පශු වෛද්‍ය වරයා සහ තවත් කීප දෙනෙකු එක් වී අප කමිටුව ඉහත කී චෝදනා හා අපවාද වලට ලක් කරමින් සිටී.
එම නිසා වෘත්තීය සමිතිය ලෙස තව දුරටත් අප මෙම කටයුත්ත ට මැදිහත් විය යුතු ද?

මේ සියළු දේ පිළිබඳව දැන සිටිමින් තම face book group එක යොදා ගනිමින් දැනට සිටින කමිටුව අපවාදයට ලක් කරමින් සිදු කර ගෙන යන මෙම පහත් ක්‍රියා ව පිළිබඳ ව ගත යුතු ක්‍රියා මාර්ගය කුමක් ද?
මාගේ අදහස නම් 1. තව දුරටත් මොවුන් වෙනුවෙන් මැදිහත් වීමක් අවශ්‍ය නොවේ 2. මෙම පුද්ගලයින් පිළිබඳ ව සියලු ම සාමාජිකයන් දැනුවත් කල යුතු ය.
ප: ලි: මේ වන විට සබරගමුව පළාතට ස්ථාන මාරු ලබා සිටින මෙම පශු වෛද්‍ය වරුන් අතරින් කීප දෙනෙකු දේශපාලකයින් ලවා තමන් හට ජනප්‍රිය ස්ථාන ලබා දෙන ලෙසට සබරගමු පළාත් අධ්‍යක්ෂ වෙත දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බව ද දැන ගැනීමට ඇත.
අමරසිංහ
From SVSA Face book page