තම වෘත්තීය ගැටළු සදහා දෙසතියක් තුල විසදුමදක් ලබා නොදුනහොත් වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සංගමයේ ලේකම්වරයා විසින් ග්‍රාමීය ආර්ථිකය පිළබද අමාත්‍යංශ ලේකම්වරයාට යොමු කරන ලද ලිපියක මේ බව දැක්වෙයි.
ජනාධිපතිවරයාට අගමැතිවරයාට මහ අදාල බලධාරීන්ට මෙම ලිපිය යොමු කර ඇත්තේ මාධ්‍ය වෙතද පිටපත් සහිතවයි.
මේ එම ලිපියයි.
ලේකම්,
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය,
සතොස මහලේකම් කාර්යාලය,
3 වන මහල, අංක 27,
වොක්ෂෝල් වීදිය,
කොළඹ 02.
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය,
සතොස මහලේකම් කාර්යාලය,
3 වන මහල, අංක 27,
වොක්ෂෝල් වීදිය,
කොළඹ 02.
රජයේ පශු වෛද්‍ය නිලධාරීන් මුහුණ පා ඇති ගැටළු සම්බන්ධයෙනි
උක්ත මැයෙන් අප විසින් ඔබ වෙත යොමු කරන ලද 2016/07/01 දිනය දරන ලිපිය හා බැඳේ.
- ඒ අනුව 2016/05/16 වන දින සිට ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය යටතේ (රේබීය අමාත්‍යංශය* සිදුකරනු ලබන සියලූ ව්‍යාපෘතිවලින් ඉවත් වන බව අප විසින් දැනුම් දෙන ලද අතර මේ වන තෙක් එහි සඳහන් අපගේ ඉල්ලිම් කෙරෙහි ප්‍රතිචාරයක් දන්වා ඇති බවට අප වෙත වාර්තා වී නොමැති බව දන්වන්නේ කණගාටුවෙනි.
- මේ වන විට අප විසින් ගන්නා ලද වෘත්තීයමය ක්‍රියාමාර්ගය නිසා ග්‍රාමීය ගොවි ජනතාවට රජයෙන් ලැබිය යුතු ප්රතිලාභ අහිමි වී ඇති බව ගොවීන් විසින් අප වෙත දිගින් දිගටම කරන ඉල්ලීම්වලින් පැහැදිළි වේ. එබැවින් ග්‍රාමීය ගොවි ජනතාව තවදුරටත් එසේ අපහසුතාවයට ලක්වීම වැළැක්වීම සඳහා එම වෘත්තීය ක්‍රියාමාර්ගය 2016/07/20 වන දින සිට අත්හිටුවනු ලබන බව කාරුණිකව දැනුම් දෙමු.
- තවද, අප විසින් ඉදිරිපත් කරන ලද,
- ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හා 2006 වර්ෂයේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයට එක්වූ නිලධාරීන්ට ද I වන ශ්‍රේණියට ඇතුළත් වීමට හැක් වන පරිදි අන්තර්කාලය 2016/12/31 දක්වා දීර්ඝ කිරීම,
- ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ පශු වෛද්‍ය නිලධාරීන් SL2 වැටුප් පරිමාණයේ පිහිටුවීම,
- පළාත් රාජ්‍ය සේවයේ ඇති දිස්ත්‍රික් පශු වෛද්‍ය නිලධාරී තනතුර I වන පන්තියේ තනතුරක් බවට පත්කිරීම,
- ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ පුරප්පාඩුව පවතින I වන ශ්‍රේණියේ සියලූම තනතුරු එකවර පිරවීම
යන ගැටළු සඳහා අද දින සිට සති 02ක කාලය තුළ යම් ප්‍රගතියක් පිළිබඳව අප වෙත දැනුවත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින අතර එසේ නොවුවහොත් කණගාටුවෙන් වුවද අපගේ ඉල්ලිම් දිනාගැනීම සඳහා වෙනත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදු වන බව කණගාටුවෙන් ප්‍රකාශ කර සිටින අතර 03 වන සතියේදී තත්ත්වය පරීක්ෂා කර බලා 2016/08/09 සහ 10 යන දෙදින දිවයින පුරා සියලූ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සංකේතාත්මක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනු ලබන බව ද කාරුණිකව දන්වා සිටිමු.
මෙයට,
විධායක කමිටුවේ අණ පරිදි,
වෛද්‍ය පී.එල්. කුමාරවඩු,
ලේකම්,
රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
No comments:
Post a Comment