Friday, February 2, 2018

Peradeniya campus to introduce selective cattle breeding



The Veterinary Faculty of the  University of Peradeniya is to introduce the latest techniques of cattle breeding to local farmers with the aim of increasing the country’s milk production. Professor Basil Alexander speaking to the Sunday times Spearheading the drive are Prof. Basil Alexander and his team. Their new methods — dubbed Helabada Kumariya and Peradeni Kumariya — in determining the sex of the unborn calf have proved correct in 95 percent of the cases. 

These methods together with other techniques that Prof. Alexander and his team have introduced will make cattle breeding a financially viable operation because they promote selective breeding. Prof. Alexander said the X & Y chromosome determining the sex of calves to be born can be separated by a process of electrons. This process is known as the Electrostatic Deflection Plates which divides the semen according to weight. The chromosome so separated is kept in Nitrogen and according to the professor can be kept for even 200 years. The electronic machine/separator is said to cost Rs. 50 million. According to professor Alexander the new method will be introduced in Jaffna and in two years time every family in the north will be able to own a cow. 

 By Shane Seneviratne

Tuesday, January 9, 2018

බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ විස ආසනික් : ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ

බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ විස ආසනික් ඇති බවට අනාවරණය වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සිදුකල පර්යේෂණය පිලිබඳ 2017 ඔක්තෝබර් මස 08 වැනිදා ලංකාදීප පුවත්පතේ පළවූ ලිපිය පහතින් දැක්වේ. තෝරාගත් කුකුළු මස් වර්ග කීපයක් අලලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් සිදුකළ පර්යේෂණයකදී බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ (පීකුදුවල) විස ආසනික් සංඝටක ඇති බව අනාවරණය වී තිබේ. බ්‍රොයිලර් කුකුළන් වර්ධනය කිරීම සඳහා හෝර්මෝන, විටමින් සහ ඛනිජ ලවන සහිත ආහාර ලබාදන අතර කුකුළන්ගේ බඩවැල් ආශ්‍රිතව ජීවත්වන කුඩා ජීවීන් මරණයට පත්කිරීම සඳහා ආසනික් අඩංගු සංඝටක ලබාදෙයි. එම සංඝටක කාබනික වශයෙන් කුකුළන්ට ලබාදුන්නද උදරය තුළදී විස ආසනික් සංඝටක බවට පත්වේ. රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය බී.ඒ. පෙරේරා මහත්මිය ‘ලංකාදීපය‘ ට අදහස් දැක්වූයේ මේ අයුරිනි.‘දිවයින පුරා වෙසෙන ළමා, තරුණ, වැඩිහිටියන් ඇතුලූ බොහෝ පිරිස් ආහාර පි‚ස මස්වර්ග අනුභව කරනවා. සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අතරින් ප්‍රධාන වශයෙන් මස්වල ප්‍රෝටීන, මේදය, කොලෙස්ටරෝල්, සෝඩියම් සහ පොටෑසියම් වැනි සංඝටක අඩංගුවෙනවා. මස් පිළිබඳව කතා කරන විට වැඩි වශයෙන් ජනතාව ආහාරයට ගන්නා මස්වර්ගය ලෙස කුකුළු මස්වලට ප්‍රධාන තැනක් හිමිවෙනවා. ‘ආසන්න වශයෙන් සති 14 ක් පමණ වයසැති බ්‍රොයිලර් කුකුළන් මස් පි‚ස යොදාගන්නවා. කුකුළු මස් වර්ග කීපයක් උපයෝගී කරගෙන මෙම පර්යේෂණය සිදුකළා. සති 14 ක් වයසැති බ්‍රොයිලර් කුකුළන් වර්ධනය කිරීම සඳහා හෝර්මෝන, විටමින් සහ ඛනිජ ලවන සහිත ආහාර ලබාදන අතර කුකුළන්ගේ බඩවැල් ආශ්‍රිතව ජීවත්වන කුඩා ජීවීන් මරණයට පත්කිරීම සඳහා ආසනික අඩංගු සංඝටක ලබාදෙනවා. කුකුළන්ගේ බඩවැල් ආශ්‍රිතව සිටින කුඩා ජීවීන් මරණයට පත්වූ විට ආහාර වැඩිපුර ගැනීමේ හැකියාව ඔවුන්ට ඇතිවෙනවා. ඒ අනුව කුකුළන් හොඳින් වර්ධනය කරගැනීමට හැකියාව ලැඛෙනවා. මෙසේ බ්‍රොයිලර් කුකුළන් කෙටිකාලීනව වර්ධනය කරගැනීමට කාබනික වශයෙන් ආසනික අඩංගු සංඝටකය ලබාදුන්නද ඔවුන්ගේ උදරය තුළදී එය විස ආසනික සංඝටකයක් බවට පත්වෙනවා. ‘සාමාන්‍යයෙන් ආසනික් බැර ලෝහ ගණයට අයත්වන අතර මිනිස් සිරුරට ඇතුළුවූ විට ශරීරයෙන් බැහැර වෙන්නේ නෑ. මෙම පර්යේෂණයේදී බ්‍රොයිලර් කුකුළු මස් අපි විවිධ ආකාරයෙන් පිසීමට ලක්කළා. සුදුළුණූ, සියඹලා සහ දෙහි සමඟ තනි තනිව උයා බැලූවා. කුළු බඩු යොදාගෙන විවිධාකාරයෙන් පිසීමට ලක්කළා. එහෙත් එහි ඇති ආසනික් අඩු නොවන බව සනාථ වුණා. දිගු කාලීනව ආසනික අඩංගු කුකුළු මස් ආහාරයට ගැනීම නිසා එම බැර ලෝහ මිනිස් සිරුරේ තැන්පත්වෙනවා. පර්යේෂකයන් සිදුකළ පර්යේෂණවලට අනුව කුකුළු මස්වල පීකුදුවල වැඩිවශයෙන් විස සහිත ආසනික් තැන්පත් වන බව සොයාගැනීමට හැකිවුණා. ‘මෙම පර්යේෂණයෙන් තහවුරු වන පරිදි වඩා සැලකිල්ලට ලක්විය යුත්තේ කුකුළු මස් අනුභව කිරීමේදී පීකුදු ආහාරයට ගැනීම අවම කිරීමයි. මෙවැනි විස ආසනික දිගු කාලීනව ශරීර ගතවීමෙන් පිළිකා තත්ත්ව ඇතිවීම, ශරීරයේ අභ්‍යන්තර පද්ධතිවලට විසවීම ඇතුලූ නොයෙකුත් අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකියි.‘ පර්යේෂකයන් පවසන පරිදි සෑම කුකුළු මස් වර්ගයකම මෙම ආසනික් ඇතිබව තහවුරු වී නොමැති අතර මෙම පර්යේෂණය තෝරාගත් කුකුළු මස්වර්ග කීපයක් පමණක් යොදාගෙන සිදුකෙරි‚. ඉදිරියේදී මෙය තවත් පුළුල් මට්ටමින් සිදුකිරීමටත් මිනිස් සිරුරට ඇතිවන බලපෑම පිළිබඳව පුළුල්ව පර්යේෂණ සිදුකිරීමටත් විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.