Tuesday, December 13, 2016

Animal Welfare Bill in need of immediate enactment




November 22, the Cabinet approved a Bill focusing on elephants kept domestically, which also included banning young elephants being used for work. The regulations proposed by Sustainable Development and Wildlife Minister, Gamini Jayawickrama Perera are also reported as including a set of guidelines that should be adhered to by those seeking to rear domestic elephants. Some of the main areas of focus underlined include the responsibilities of the caretakers and owners towards the elephants kept domestically, regulations on elephants being used for work and the use of elephants in processions. This proposal also falls under amendments to Flora and Fauna Act No.22 of 2009.   
While due appreciation is given to the positive change towards the treatment of elephants by seeking to prevent them from being subjected to cruelty, it also needs to be noted that it has been almost a year since the Cabinet approval for the draft Animal Welfare Bill was received. Unfortunately the Bill still remains at the Legal Draftsman’s office, while many animal welfare activists eagerly await its enactment. Almost a decade in the making, the draft bill was approved by the Cabinet following the public consultation that was last held in 2015. Following the proposed changes received by the public consultation, the Cabinet approval for the Bill was received on January 13, 2016. From this point, the Bill was passed to the legal draftsman for the changes to be incorporated into it and for it to be drafted with the changes included.  


The last amendment to the law addressing cruelty to animals in Sri Lanka was made in 1955. The Prevention of Cruelty to Animals Ordinance of 1907, under which the welfare of animals is taken into consideration is over a century old, with outdated fines and implemented on rare occasions and therefore in need of urgent reform.   Attorney-at-Law, Vositha Wijenayake, Convener of Animal Welfare Coalition of Sri Lanka said, “The AWC is appreciative of the changes proposed to safeguard elephants from being subjected to cruelty which were approved by the Cabinet. It is equally important to know when the proposed law on animal welfare will be enacted. This Bill has been on its way to get to this point for a very long time. I think everyone is eager to know when this could turn into law which will help uphold animal welfare in Sri Lanka.”   

Civil Society Organizations and actors have highlighted the need for more humane animal welfare laws in the country for many years. As a result of these calls, the draft Animal Welfare Bill was tabled in Parliament. The Bill was presented to Parliament in October, 2010 by Venerable Athuruliye Rathana Thera as a private member bill. The new legislation proposed has as its objective the replacement of the Prevention of Cruelty to Animals Ordinance of 1907 and to recognize duty of care for persons in charge of animals to treat animals humanely, to prevent cruelty to animals, to secure the protection and welfare of animals, to establish a National Animal Welfare Authority and Regulations and Codes of Practice and to raise awareness on animal welfare. 

Prevention of Cruelty to Animals Ordinance of 1907
http://www.commonlii.org/lk/legis/consol_act/cta573256.pdf


“In order to have a good animal welfare system in Sri Lanka, it is important to have duty of care for persons in charge of animals to treat animals humanely, as well as having strong laws for those who cause cruelty to animals,” said Ms. Wijenayake. “We hear stories of cruelty to animals but without a law that is robust, it is not always helpful to take legal actions against the perpetrators who behave inhumanely and in a cruel manner towards animals,” she added.   

The Animal Welfare Coalition of Sri Lanka which was set up with the objective of advocating and lobbying for a new animal welfare bill consists of numerous animal welfare organizations and volunteers keen on seeing the Animal Welfare Bill enacted. The member organizations and volunteers seek to actively engage in taking action to ensure that laws on animal welfare are efficient and effective and to protect animals from being subjected to cruelty.  
“It is important that the Animal Welfare Bill is enacted to ensure effective and efficient laws on cruelty to animals in Sri Lanka. The current law dates back to 1907 and lacks in deterrent effect which prevents the protection of animals against cruelty. It is time we changed these laws and made sure that the long- overdue Animal Welfare Bill is passed for efficient action against cruelty to animals,” said Vositha Wijenayake.  

Monday, December 12, 2016

මානසික වධ හිංසනය පිලිකුලෙන් යුතුව හෙලා දකිමු.


පශු වෛද්‍ය ශික්ෂණ රෝහල තුල පවතින ඒකාධිපති පාලනය


























පශු වෛද්‍ය ශික්ෂණ රෝහල තුල ඇති වී ඇති අර්බුදකාරී තත්වය හමුවේ පශු වෛද්‍ය ශිෂ්‍ය ප්‍රජාව ඉතා ශක්තිමත් ලෙස පෙලගැසී ඇත. පීඨයෙන් සමුගත් පිරිස ලෙස අප සියලු දෙනාද මෙම සදාචාර විරෝධී ක්‍රියාව දැඩි ලෙස හෙලා දකින්නෙමු . අතීතය දෙස බලන චිට මෙවන් තත්වයන් සිදු වුූ ප්‍රතම අවස්ථාව මෙය නොවන බව සැවොම දන්නා රහසකි. අතීතයේ මෙලෙස නැගී සිටිීම නොවන්නට හේතුව වසර ගනනක අධ්‍යාපන තෙහෙට්ටුව තව අවුරුද්දකට දෙකකට දික් කර ගැනීමට කා තුලත් ඇති මැලිකම විය හැක. නමුත් සෑම දෙයකම සීමාවක් තිබිය යුතුය. දඞුවම් දෙන ගුරුරු අප ඕනෑතරමි දැක ඇති අතර එහි කෘෘරත්වය හා පලිගැනීම නැත. හුදෙක් ඇත්තේ ආදරය කරුණාවයි. 

වධ හිංසනයට එරෙහි යයි කියාගන්නා පුද්ගලයින් වධකයන් ලෙස හැසිරීම අනුමත කල නොහැක. අකුරු කියාදුන් බොහෝමයක් ආචාරවරුනට සහ පීඨයට අප සැමදා ගරු බුහුමන් දක්වන අතර මෙම ගැටලුව සාධාරණ ලෙස විසඳා ගැනීමට සෑම පාර්ශවයකම මැදිහත්වීම අපේක්ෂා කරන්නෙමු. තවද මෙම ගැටලුවට මැදි වී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගත අධාපන කටයුතු සුරක්ෂිත වීමද අප බලාපොරොත්තු වන්නෙමු.


විනය පාලකවරයා සිසුන් රැග් කරනවා - පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විනය පාලකවරයා විසින් සිසුන් කිහිප දෙනනෙකු කායික වශයෙන් පීඩාවට පත් කළ බව කියමින් විශ්ව විද්‍යාල සිසුන් සනාථන මන්දිරය ඉදිරිපිට සිට උද්ඝෝෂණයක නිරත වූහ.
විශ්ව විද්‍යාලයට නවක සිසුන් බඳවා ගත් අවස්ථාවක නවක වදය සිදු නොකළ යුතු යැයි පැවසීම සඳහා සිසුන් පිරිසක් කැඳවා ඔවුන් කායික හා මානසික වශයෙන් පීඩාවට පත් කළ බව උද්ඝෝෂණයට එක් වූ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මංගල මද්දුමගේ මහතා පැවසීය.
පශු වෛද්‍ය පීඨයේ කාමරයකට සිසුන් කැඳවා විනය පාලකවරයා හා තවත් කිහිපදෙනෙකු සිසුන් දණ ගැස්වීමට කටයුතු කළ බව කී මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා මෙසේ ද කීහ.

'මේ පීඩනය නිසා ශිෂ්‍යාවක ඇතුලුව සිසුන් තිදෙනෙකු මේ වන විට පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබනවා. සිසුන්ට කායික හා මානසික පීඩනය එල්ල කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. අපි මේ ක්‍රියාව හෙළා දකිනවා. එමෙන්ම මේ පිළිබදව විශ්ව විද්‍යාලයේ පරිපාලනය හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය ගන්නා තීරණය සම්බන්ධයෙන් අප අඛණ්ඩව විමසිල්ලෙන් ඉන්නවා.'
'මේ වන විට විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ තොරතුරු පොලීසිය වෙත ලබාදී හමාරයි. ඔවුන් පොලීසිය, විනය ආරක්ෂක නිලධාරීන් යොදා ගනිමින් සිසුන් මර්දනය කිරීමට කටයුතු කරනවා.'
සිසු ක්‍රියාකාරකම්වලට පිවිසෙන සිසුන්ට උපාධිය ලබා ගැනීමේ අවස්ථාව අහිමි කරන බව ද ඔවුන් දෙමාපියන්ට පවා දුරකථනවලින් අමතා පවසන බව මංගල මද්දුමගේ සිසුවා ප්‍රකාශ කළේය.
මහා ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙන් සනාථන මන්දිරය ඉදිරිපිට පැවැති මෙම විරෝධතාව සඳහා විශ්ව විද්‍යාලයේ සිසුන් දහසකට ආසන්න පිරිසක් සහභාගීවිය.
මේ අතර පශුවෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රා ද සිල්වා මහත්මිය පෙන්වා දෙන්නේ කිසිදු ශිෂයෙකුට කායික හෝ මානසික පීඩා නොකළ බවයි. නවක වදය බහුලවම ක්‍රියාත්මක වන පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් කැඳවා දැනුවත් කිරීමක් සිදුකළ බවයි ඇය පෙන්වා දෙන්නේ.
චින්තන ශක්තියෙන් අඩු, අදහස් ප්‍රකාශ කළ නොහැකි සතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා අධ්‍යාපනය ලබන පශු වෛද්‍ය සිසුන් නවක වදය ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම නොවියයුත්තක් හෙයින් සිසුන් කැඳවා මෙම දැනුවත් කිරීම සිදුකළ බවයි කථිකාචාර්යවරයි පවසන්නේ.
නුවර නදීක දයා බණ්ඩාර
Dec 11, 2016

බ්‍රොයිලර් කුකුළු මස්‌ ආහාරයට ගැනිමෙන් බැක්‌ටීරියා ආසාදන ඇතිවිමේ අවදානමක්

බ්‍රොයිලර් කුකුළු මස්‌ වැඩිපුර ආහාරයට ගැනිමෙන් බැක්‌ටීරියා ආසාදන රෝගවලට ගොදුරු වීමේ අවදානමක්‌ ඇති බව ක්‍ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ජයතිලක පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ 29 වන අගහරුවාදා ප්‍රතිජීවක ඖෂධ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
එහිදී ඇය කියා සිටියේ මස් ආහාරයට ගැනීම සදහා ගොවිපළවල ඇති කරන බ්‍රොයිලර් වර්ගයේ කුකුළන් සහ ඌරන් වැනි සතුන් ඉතා ඉක්‌මනින් වර්ධනය කරගැනීමට ප්‍රතිජීවක ඖෂධ ලබාදීම හේතුවෙන් එවැනි මස්‌ වර්ග ආහාරයට ගැනීමෙන් බැක්‌ටීරියා රෝගවලට ගොදුරු විය හැකි බවයි.
එම රෝග සදහා ප්‍රතිජීවක ඖෂධ ලබාදුන් විට ඊට එම බැක්‌ටීරියා විරුද්ධව ක්‍රියා කිරීම නිසා නොයෙකුත් බැක්‌ටීරියා ආසාදනවලට ගොදුරු වීමේ අවදානම ශ්‍රී ලංකාවේ ඉහළ ගොස්‌ ඇති බවද ඇය පැවසීය.
මෙවැනි ආහාර වර්ග පරිභෝජනය කිරීම සීමා කළ යුතු බවත්, ප්‍රතිජීවක ඖෂධ අනවශ්‍ය ලෙස භාවිතය සීමා කළ යුතු බවත් විශේෂඥ වෛද්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. 

Sunday, December 11, 2016

පශු වෛද්‍ය ශික්ෂණ රෝහල තුල භීෂණයේ අඳුරු වලාවන් දුරලමු!


විශ්වවිද්‍යාල භූමියක තබා විවෘත සමාජයේ වුව කිසිසේත් අනුමත කල නොහැකි බලාපොරොත්තු විය නොහැකි ඉතාමත් කණගාටුදායක තත්වයක් මේ වන විට පශු වෛද්‍ය පීඨය තුල නිර්මාණය වී ඇත.පශු වෛද්‍යවරුන් බිහි කරන ලංකාවේ එකම ආයතනය වන පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය තුල මේ වන විට ඇති වී ඇති තත්වය පිලිබඳව මේ වන විට ඔබ දැනුවත්ව ඇති බව සිතමු. විවිධ වු අවාසනාවන්ත සිදුවීම් හා ඒකාධිපති තීරණ හමුවේ නිරන්තරයෙන් පශු වෛද්‍ය පීඨ සිසුන්ට සිදු විය. නමුත් ඉතාමත්ම ලැජ්ජා සහගත, සමාජ සාරධර්ම පරයා යමින් ලංකාවේ එකම පශු වෛදය පීඨයට මහත් කැලලක් වන ලෙස පීඨයේ කිහිප දෙනෙකුගේ මැදිහත්වීමෙන් සිදු වූ මෙම සිද්ධිය අප ඉතාම පිලිකුලෙන් යුතුව හෙලා දකිමු.
සිදුවීමේ කරැණු මෙසේය. 2016-12-08 දින පශු වෛද්‍ය පීඨයේ 2014 වසර කණ්ඩායමට පශු වෛද්‍ය ශික්ෂණ රෝහලට පැමිණෙන ලෙස පණිවිඩයක් ලැබුණි. ඒ අනුව එම වසර කණ්ඩාමේ සිසුන් රෝහලට පැමිණි අතර, ශික්ෂණ රෝහලේ ශ්‍රවණාගාරය තුලට සිසු පිරිස ඇතුලු වන විටත් එය තුල පීඨයේ නවක වසර කණ්ඩායම වන 2015 කණ්ඩායම රුඳී සිටියහ එමෙන්ම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්දිරා ද සිල්වා, සායනික වෛද්‍ය ලක්ෂිත නානායක්කාර යන අය ශ්‍රවණාගාරය තුල සිට ඇත. ඊට අමතරව අවසන් වසර ශිෂ්‍යයන් කිහිප දෙනෙකුද මේ වන විට සිට ඇත ශ්‍රවණාගාරය තුලට සිසුන් ඇතුලත් වූ විගස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්දිරා ද සිල්වා පැමිණි ශිෂ්‍ය ශිෂයාවන් 49 දෙනෙකුගේ නාම ලේඛණයක් කියවා ඇත.ඒ අතරතුර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනයපාලක මහාචාර්ය අශෝක දංගොල්ල එම ස්ථානයට පැමිණ නාමලේඛණයේ නම් ඇති සිසුන් ඉදිරියට පැමිණෙන ලෙස අණ කර ඇත. එමෙන්ම එහිදී පරුෂ වචනයෙන් බැණ වැදීම සිදු කර ඇත. ඒත් සමගම ”උඔලා මෙතනට ගන්නුවේ ඇයි” දැයි අසමින් ඉන්දිරා සිල්වා තර්ජනය ආරම්භ කළ අතර ලක්ෂිත නානායක්කකාර හා අවසන් වසර සිසුන් එම පරුෂ වචනයෙන් බැණ වැදීම සිදු කර ඇත අත් ඉහලට ඔසවා සිටීමට අපහසු සිසුවියන්ට පරුෂ ලෙස බැණ වදිමින් එම ඉරියව්වේම රැඳී සිටින ලෙස බල කර ඇත. මේ අතරතුර විනයපාලක විසින් සිසුන් දෙදෙනෙකු දණ ගස්වා ඇත ලක්ෂිත ඇතුලු අනෙකුත් අවසන් වසර සිසුන් පිරිස දණ ගැසු සිසුන්ට අතින් පයින් පහර දීම සිදු කර ඇත. මේ සියල්ල වීඩියෝ ගත කරන ලෙස මහාචාර්ය ඉන්දිරා අණකර ඇත.
තවද උඔලාට “degree ගන්න දෙන්නෙ නෑ, උඔලාට Final year යන්න දෙන්නෙ නෑ, exam repeat කරනවා, Batch miss කරනවා “ තර්ජනය කරමින් උපාධිය ඇපයට ගෙන සිසුන්ට බැණ වැදීම මහාචාර්ය ඉන්දිරා සිල්වා විසින් දිගින් දිගටම සිදු කර ඇත. මෙලෙස විවිධ පරුෂ වචන කියමින් බැණ වැදෙමින් මරණ තර්ජන කරමින් පැය 2 ක පමණ කාලයක් ශික්ෂණ රෝහල තුල සිසිුන් රඳවාගෙන දැඩි ලෙස මානසික හා කායික වධයන්ට යොමු කර ඇත. මෙම කායික හා මානසික වධ හිංසන ක්‍රියාවලිය හේතුවෙන් සිසුන් තිදෙනෙක් රෝහල් ගත කෙරුණි. රෝහලටත් මහාචාර්ය අශෝක දංගොල්ල ගේ සෘජු මැදිහත්වීමෙන් සිසුන් රෝහල් ගත කිරීම ප්‍රතික්ෂේප වීමක්ද සිදුවිය. එමෙන්ම රෝහල් ගත කල ශිෂ්‍යයෙක් හා ශිෂ්‍යාවක් මධ්‍යම රාත්‍රියේදී රෝහලෙන් ඉවත්කිරීම හා ක්ලාන්තය ඇති වු සිසුවියට ගැස්ට්‍රයිටිස් ලෙස රෝග විනිස්චය කිරීමද සිදු කර ඇත. මෙම අසාධාරණය පිළිබඳව පේරාදෙණිය පොලිස් ස්ථානයට ගිය සිසුන්ට විනය පාලකගේ බලපෑම මත පොලිසියෙන් ලැබුනේ කුඩම්මාගේ සැලකිලිය.
පශු වෛද්‍ය ශික්ෂණ රෝහල තුල පවතින ඒකාධිපති පාලනය පිලිබඳව සිසුන්ට මෙන්ම උපාධිධාරී පශු වෛද්‍ය වරුන්ටද ඇත්තේ මහත් අප්‍රසාදයකි. රෝහල තුලදී ස්වාධීන මතයක් දැරීමේ මූලික මිනිස් අයිතිවාසිකම පවා සිසුන්ට අහිමි වේ. එහි රජ වන්නේ මහාචාර්ය ඉන්දිරාගේ නීතිරීති පමණි. දේශණ වලට සිසුන් පැමිණිය යුතුද නැද්ද යන්න තීරණය වන්නේ මහාචාර්යතුමියගේ ඔිනෑ එපාකම් මතයි. රෝහල තමාගේ පෞද්ගලික බූදලයක් බව පවසමින් පෞද්ගලික අමනාපකම් ඇති සිසුන්ට රෝහල තුල සායනික පුහුණුව ලැබීමට ඇති අයිතිය පවා උල්ලංගණය කිරීමට සිදු වේ.
උක්ත කායික මානසික වධ හිංසන පැමිණවීමේ සිද්ධියට අදාලව පීඨ ශිෂ්‍ය සංගමය ලෙස විශවවිද්‍යාලයීය පරිපාලනය, පීඨ පරිපාලනය ඇතුලු අදාල වග කිවයුතු පාර්ශවයන් දැනුවත් කිරීම සිදු කර ඇත. අත්තනෝමතික ලෙස මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හා මාධ්‍යයට අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් මහාචාර්ය ඉන්දිරා ද සිල්වා විශ්වවිද්‍යාලය අපකීර්තියට පත් කර ඇත.
එමෙන්ම මෙම අසාධාරණය පිළිබඳව උපකුලපති දැනුවත් කර සාධාරණ යුක්තියක් ලබා දෙන ලෙස බල කරමින් සනාථන මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදු කලෙමු. ඊට පසු දින උපකුලපති සමග පැවති සාකච්ඡාවේදී එකග වූ පරිදි විශ්වවිද්‍යාලයීය විනයපාලක ඉවත් කර ඇත. උපකුලපති සාකච්ඡාවේ එකග වූ අනෙක් කරුණ වන්නේ උක්ත සිද්ධියට අදාලව ක්‍රමවත් විනය පරීක්ෂණයක් පවත්වන බවත්, මහාචාර්ය ඉන්දිරා හා මහාචාර්ය දංගොල්ල පීඨයේ අධ්‍යයන කටයුතු වලින් ඉවත් කිරීමට හෝ ඔවුන් දිගටම අධ්‍යයන කටයුතු වලට සම්බන්ධ වේ නම් එම විභාග අවස්ථා වලදි උත්තර පත්‍ර පරීක්ෂාවට වෙනත් ආචාර්යවරු දෙදෙනෙක් පත් කිරීම හා අවශ්‍ය නම් ලකුණු ලබා දුන් උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට සිසුන්ට ඉඩ ලබා දීමයි.
මේ සියලු තත්වයන් සලකා බැලීමේදී ශිෂ්‍ය සංගමය ලෙස අපගේ ඉල්ලීම වන්නේ හුදෙක් උක්ත ආචාර්යවරුන් දෙදෙනා පිලිබඳ තීරණයක් ගැනීම හෝ ඔවුන් ඉවත් කිරීම නොව නිදහස් අධ්‍යාපනයේ මහිමයෙන් උපාධිය හදාරන පශු වෛද්‍ය ශිෂ්‍යන්ට නිදහසේ තම අධ්‍යයන කටයුතු කරගෙන යාමට අවකාශ ලබා දෙන ලෙස ඉල්ලීමයි. තම උපාධිය ඇපයට ගන්නා අත්තනෝමතික ඒකාධිපති පුද්ගලයන්ගේ අතකොලු වීමට කිසිඳු ශිෂ්‍යයෙකු කැමැත්ත නොදක්වයි. එම නිසා පශු වෛද්‍ය ශික්ෂණ රෝහල නිදහසේ අධ්‍යයන කටයුතු කිරීමට හැකි ස්ථනයක් බවට පරිවර්ථනය වීම අපගේ බලාපොරොත්තුවයි. පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ උපාධිධරයන් ලෙස ඔබ සියලු දෙනාට මතක් කිරීමට ඇති කාරණය නම් ඔබ පශු වෛද්‍ය ශික්ෂණ රෝහල තුලදී මුහුණ දුන් කටුක අමිහිරි මානසික වධ හිංසනය පිලිබඳවයි. එමෙන්ම අප ඔබට ආමන්ත්‍රණය කරන්නේ මින් ඉදිරියටවත් පශු ශික්ෂණ රෝහල නිදහස් අධ්‍යයන භූමියක් බවට පත් කිරීමට ඔබගේ උපරිම දායකත්වය ලබා දෙන ලෙසයි. ඒ සඳහා පශු දෛද්‍යවරුන් ලෙස ඔබ සියලු දෙනා අත්වැල් බැඳ ගනීවි යැයි දැඩිසේ විශ්වාස කරන්නෙමු.

පොලිස් නිල සුනඛ ‘රෙජී’ වාර්තාවක් තබයි



පොලිස් නිල සුනඛ ලිඛිත ඉතිහාසයේ පළමුවරට සැතපුම් විසි දෙකක් දුර ඇවිද ගොස් සිය රාජකාරිය අකුරටම ඉටුකරමින් වාර්තාවක් තැබිමට මහනුවර ‍පොලිස් නිල සුනඛ අංශයේ රෙජී නම් වූ ‍පොලිස් නිල සුනඛයා පසුගියදා සමත් විය. දින හතරක් නකල්ස් රක්ෂිතයේ අතරමංව සිටි අයෙක් සොයා ගැනීමට රෙජී නම් නිල සුනඛයා සිදුකළ රාජකාරිය අති මහත්ය.

මේ වාර්තාවට සම්බන්ධ කතාව මෙසේය. පසුගිය 07 වන දින රංගල ‍පොලීසියට කලබලයෙන් යුතුව පැමිණි කාන්තාවකි. ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ඊ.එම්.එන්. ඒකනායක මහතා හමුවූ ඇය සර්.... මගේ පුතා අසේල සම්පත්. එයා නකල්ස් රක්ෂිතයේ ගැරඩි ඇල්ල බලන්න තවත් ළමයි කට්ටියක් සමග ගියා. අදට දින දෙකක් ගතවෙලත් පුතා ගැන කිසිම ආරංචියක් නැහැ.. පුතා අතුරුදන් වෙලා.. අනේ සර් කොහොමහරි පුතා හොයලා දෙන්න. යැයි ඇය හඬමින් ස්ථානාධිපතිවරයාට ආයාචනා කරන්න වූවාය.

මෙම අතුරුදන් වු තරුණයා උඩදුම්බර ගලබඩවත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි. ඔහුගේ පුංචි අම්මා ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටියි. පසුගිය දිනෙක මේ පුංචි අම්මාගේ පුතෙකුගේ මිතුරන් කීපදෙනෙක් විනෝද චාරිකාවක් සඳහා ගලබඩවත්ත ප්‍රදේශයට පැමිණ ඇත. ඉන්පසු අසේල සම්පත් සමග එදින සවස ගැරඩි ඇල්ල බැලීම සඳහා මෙම තරුණයින් පිරිස නකල්ස් රක්ෂිතයට ඇතුළු වී තිබේ. ඉතා දුෂ්කර මගක් ඔස්සේ ගැරඩි ඇල්ල අසලට ළඟා වූ තරුණ පිරිසට එහි විනෝද වීමට ඉඩ සලස්වා මග පෙන්වීමට ගිය අසේල සම්පත් ආපසු යළි නිවස බලා පැමිණ තිබුණේ රැකියාවට යාමේ වුවමනාව නිසාය.

කෙසේ හෝ රැයක් පුරා ඇති තරම් විනෝද වූ තරුණ පිරිස පසුදින රක්ෂිත කැලයෙන් එළියට පැමිණියද ඒ වන විටත් මග පෙන්වීමට ගිය අසේල සම්පත් නිවසට පැමිණ තිබුණේ නැත. මේ නිසාම මෙම තරුණ පිරිස නැවත ගම්මුන් සහ ‍පොලීසිය සමග තම මගපෙන්වන්නාව සොයා ගියත් ඔහු ගැන කිසිදු ආරංචියක් දැනගන්නට ලැබුණේ නැත.

අතුරුදන් වූ අසේල සම්පත් පිළිබඳව තුන්වන දිනයටත් කිසිදු ආරංචියක් නොවුණු නිසා 08 වන දින වහා ක්‍රියාත්මක වූ රංගල ‍පොලිස් ස්ථානාධිපතිවරයා විශේෂ කාර්ය බළකායටත් යුද හමුවටත් ‍පොලිස් නිල සුනඛ අංශයටත් මේ බව දන්වා සිටියේය. ඒ අනුව එදින ගම්වාසීන් ‍පොලීසිය හමුදාව සහ විශේෂ කාර්ය බළකා  සෙබලුන් ඇතුළු එකසිය පනහකට අධික පිරිසක් අසේල සම්පත් සොයා කණ්ඩායම් වශයෙන් නකල්ස් රක්ෂිතයට ඇතුළු විය.

මෙහිදී මහනුවර ‍පොලිස් නිල සුනඛ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක එච්.පී. කුලසේකර මහතාද රංගල ‍පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඉල්ලීම මත අතුරුදන් වූ පුද්ගලයා සෙවීමට නිල සුනඛයෙකුගේ සහය ලබා දීමට තීරණය කර තිබිණි. කුලසේකර මහතාද කලක් රංගල ‍පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ නිසා ඔහුටද මෙම රක්ෂිතය පිළිබඳ මනා වැටහීමක් තිබිණි.
අධික ලෙස කූඩැල්ලන්ට සහ කිනිතුල්ලන්ට ඔරොත්තු දෙන දැඩි ඉවක් සහිත රෙජී නම් නිල සුනඛයා ඒ සදහා යෙදවීමට කුලසේකර මහතා තීරණය කළේය.

රෙජී (1178) නම් වූ නිල සුනඛයා බාරව කටයුතු කළේ ‍පොලිස් කොස්තාපල් නලින් විජේසිරි (67126) මහතාය. ඔහුගේ සහයට ‍පොලිස් කොස්තාපල් සිරිවර්ධන (76722) සහ ‍පොලිස් කොස්තාපල් ආනන්ද (17042) යන නිලධාරීන්ද එක්ව සිටියහ. මෙම භාර දූර කාර්යයට පෙර රෙජීට මෙලෙස අතුරුදන් වූ පුද්ගලයාගේ ඉව ලබාදිය යුතුව තිබිණි. ඒ සඳහා අසේල සම්පත්ගේ නිවසේ තිබූ ඔහු අඳින ලද ඇඳුමකින් ඒ ඉව රෙජී ලබාදීමට නලින් මහතා කටයුතු කළේය. අතුරුදන් වූ අසේල සමග ගිය එක් අයෙක් සමග තවත් කීපදෙනෙක් ආරක්ෂාව සඳහා කැති ‍පොලු රැගෙන රක්ෂිතය තුළට ගමන් කරන්නට විය. ඒ සමගම රක්ෂිතයට ඇතුළු වීමට පෙර කැ‍ලේ අරක්ගත් දෙවියන්ට කොළ අතු එල්ලීමටද ගම්මුන් අමතක නොකළේය.
මෙම රක්ෂිතය තුළ කිසිදු දුරකථනයකට සංඥා නොමැති වීමද මෙම කටයුත්ත තවතවත් බරපතළ කරවන්නට විය. එහෙත් ඒ අභියෝගය තරම් නොවුවේ රෙජී නිසාය.

රෙජී එක එල්‍ලේම අසේල සම්පත්ගේ ඉව ඔස්සේ රක්ෂිතය තුළට ඇදී ගියේය. රෙජීටත් ඔහු බාරව ගමන් කළ නලින් මහතාටත් මෙය අති දුෂ්කර  ගමනක් විය. සතුන්ගේ වියරු ශබ්ද මෙන්ම කූඩැල්ලන්ගේ ප්‍රහාරද රෙජීට සහ අනෙක් පිරිසටද නොඅඩුව ලැබිණි. ගිරි හෙල් ජල පහරවල් මතින් යන මේ අයගේ ගමන අති දුෂ්කර විය. නමුත් මෙම පිරිසට පාර කියන්නේ රෙජීය. දිය කඩිති අසලදී වරෙක රෙජී අන්දමන්ද වන්නේය. වහා ඒ බව තේරුම්ගත් ‍පොලිස් කොස්තාපල් නලින් මහතා නැවත වරක් අතුරුදන් වූ පුද්ගලයාගේ ඇඳුමේ ඉව රෙජීට ලබා දීමට කටයුතු කළේය. ඉන් තවත් ඉදිරියට ගිය විට හමුවන බාධක නිසා රෙජීට යාගත නොහැකි තැන්වල කිලෝ ග්‍රෑම් හතළිස් පහක් පමණ බරැති රෙජී වඩාගෙන යාමටද ‍පොලිස් නිලධාරීන්ට සහ ප්‍රදේශවාසීන්ට සිදුවිය.

මේ ආකාරයට රක්ෂිතයේ සැතපුම් ගණනාවක් ඇතුළට ගමන් කරමින් සිටින විට එක් වරම සහයට ගිය ගම්වාසියෙක් සර් ඔහොම නවතින්න දිවියෙක්... දිවියෙක් යනුවෙන් කෑ ගසන්නට විය. ඔවුන් සිටි තැනට මීටර් පන්සියයක් පමණ දුරින් අඩි හතක් පමණ දිග දිවියෙක් ගල් තලාවක් මත වැතිර සිටින අයුරු සියල්ලන්ගේම නෙත ගැටිණි. මෙහිදී රෙජී බාරව සිටි නලින්ට දැඩි අභියෝගයක් වූයේ දිවියාගෙන් තම නිල සුනඛයා ආරක්ෂා කර ගැනීමය. නලින් ඒ සඳහා වහා පියවර ගනු ලැබිය.

'අපි ආපස්සට යමුද නලින් රෙජීගේ ආරක්ෂාව පතා පැවැසීය. 'නෑ සර් අපි ඌව එලවා දමමු පැමිණ සිටි තරුණයින් පැවැසීය. ඔවුන් එක් වරම කෑකෝ ගසමින් මහත් ශබ්ද නැගීය. ඒ ශබ්දය ඇසුණු දෙස මදක් හිස ඔසවා බැලු දිවියා සෙමින් නැගිට වනය තුළට රිංගා ගියේය.
මෙහිදී කැලය පිළිබඳ දන්නා කෙනෙකු සඳහන් කළේ සර් සාමන්‍යයෙන් අප කැ‍ලේට එනවිට දිවියන් අපට මගහැර යනවා. නමුත් ඔහොම දිගා ව ඉන්නවා කියන්නේ අහළ පහළ ඌට යම් ගොදුරක් තිබෙන නිසයි. ඒ කියමනත් සමග කාගේත් සිත් සලිත වන්නට විය. මග පෙන්වීමට ගිය අසේල සම්පත්ට අනතුරක්ද යන්න ඔවුන් කල්පනා කරන්නට විය.

මේ වන විට රෙජීගේ ඉව මත කැලෑව තුළ කිලෝමීටර් විස්සකට අධික දුරක් මෙම පිරිස ගමන් කරමින් තිබිණි. ඒ අතරතුරේදී වරින්වර නලින් රෙජීගේ සිරුරේ සිටි කූඩැල්ලන් ගලවා දමා පිරිසිදු කිරීමටද කටයුතු කළේය.
මේ ආකාරයට කාලය ගෙවී යද්දී දිවියා සිටි තැනට ආසන්නයේ තවත් ගල්ලෙනක් ඇත. එය අලුගල්ලෙන නමින් හඳුන්වන ගල්ලෙනකි. මේ ගල්ලෙන ආසන්නයේ මංමුලා වැල් එමටය. ඒ නිසාම සියල්ලෝම වඩා ප්‍රවේශම් වූහ.

කෙසේ හෝ මේ ගල්තලාව අසල අවසානයේදී රෙජී නතර විය. ඊළඟට ඒ අවට ඉවකළ රෙජී එක්වරම බිම දිගාවිය. ඒ ඉරියව්ව දුටු නලින්ගේ සිතට යම් සැනසිල්ලක් ඇති විය. මේ රෙජී බිම දිගා වුණා කියන්නේ අපේ වැඩේ සාර්ථකයි කියන එකයි. නලින් අනෙක් අයට පවසන්නට විය. අතුරුදන් වු අසේල සම්පත් මේ ආසන්නයේ ඉන්න ඕනේ. රෙජීට එතනට යන්න බැරිකම නිසා තමයි එයා මේ දිගාවෙලා ඉන්නෙ නලින් යළිත් කියන්නට විය.

කෙසේ හෝ අවසානයේදී රෙජී නැවතුණු ගල් තලාවෙන් බිමට වැටී සිටි අසේල සම්පත්ව සොයා ගැණිනි.
ගල්තලාවෙන් වැටිලා මගේ කකුලත් කැඩිලා.. ඇවිදින්න බැහැ. අසේල අපහසුවනේ යුතුව කීවේය.
දින තුනක් තිස්සේ නිරාහාරව සිටින අසේල සම්පත්ට අවසානයේදී ආහාර පාන ලබාදී කැලයේ ලී වලින්ම සකසා ගත් ඇඳක තබාගෙන රැගෙන ආවේ තවත් කිලෝමීටර් හයකට වඩා දුරින් පිහිටි මී මුරේ ගම්මානයටය. කෙසේ හෝ මෙම සිදුවීමත් සමග සැතපුම් 22 පමණ දුර ඉව කරමින් ගොස් සිය රාජකාරිය මැනවින් ඉටු කළ රෙජී නිල සුනඛ ලිඛිත ඉතිහාසයේ නමක් රැඳවීමටද සමත් විය.

ගයා  වන්නිආරච්චි