Wednesday, April 19, 2017

කිනිතුලු උණ (Tick Fever) රෝගයෙන් ඔබේ සුනඛයා රැකගනිමු


සුනඛ සුරතලුන්ට වැළඳිය හැකි මාරාන්තික රෝගයක් තමයි Tick Fever කියන්නේ. මෙය කිනිතුල්ලන් මගින් බෝ වන රෝගයක්. වසරකට සුනඛයන් විශාල ගණනක් මේ නිසා අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙනවා. නමුත් නිසි දැනුවත්භාවයක් තිබේ නම් මේ රෝගය පහසුවෙන් වලක්වාගැනීමට පුළුවන්. එසේම රෝග ලක්ෂණ ද කල්තබා හඳුනාගතහොත් ප්‍රතිකාර කර පහසුවෙන් සුරතලාගේ ජීවිතය රැකගන්න පුළුවන්.

මේ පිළිබඳව PetLife සඟරාවේ ප්‍රධාන කර්තෘ වෛද්‍ය අනුර දිසානායක මහතා විසින් සැකසූ ලිපියක් (කර්තෘ අවසරය ඇතිව) ඔබ වෙත ලබා දීමටයි අපි දැන් සැරසෙන්නේ.


මෙය අප රටෙහි සුනඛයන්ට බහුලව වැළෙඳන රෝග තත්ත්වයකි. කිණිතුල්ලන් රුධිරය උරාබීමේදී රෝග කාරක පරපෝෂිතයන් සුනඛයාගේ රුධිරයට ආසාදනය වේ. මෙහිදී රෝග වාහකයන් ලෙස කිණිතුල්ලන් ක්‍රියාකරන බැවින් මෙම රෝගය කිණිතුළු උණ නමින් හැඳින්වේ. ඕනෑම වයසක පසුවන සුනඛයකුට වැළඳිය හැකි මෙම රෝගය එය ඇතිකරන රුධිර පරපෝෂිතයා අනුව වර්ග දෙකකි. එනම් බැබීසියෝසිස් (Babesiosis) හා අර්ලිෂියෝසිස් (Ehrlichiosis) යන වර්ග දෙකයි. එමෙන්ම මෙම පරපෝෂිතයන් වර්ග දෙකම එක්වර ආසාදනයවූ අවස්ථාද දැකිය හැකි වේ.

බැබීසියෝසිස් (Babesiosis)

මෙහිදී රෝගකාරක පරපෝෂිතයා රතු රුධිර ෙසෙලවලට ආසාදනය වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස රතු රුධිර සෛල විනාශවී රක්තහීනතාවය ඇතිවේ.

රෝග කාරකය හා එය දේහගත වන ආකාරය:
බැබීසියා කේනිස් (Babesia canis) හා බැබීසියා ගිබ්සොනායි (Babesia gibsoni) යන පරපෝෂී විශේෂ දෙක ශ්‍රි ලංකාවේ බහුලව දක්නට ලැඛෙන රෝග කාරකයන් වේ. කිණිතුල්ලන් රුධිරය උරාබීමේදී රෝග කාරකය සුනඛයාගේ රුධිර ගතවන අතර රෝග ලක්ෂණ පිටතට පෙන්වීම පරපෝෂිතයා රුධිරගතවී දින 10-21 අතර කාලයකදී සිදුවේ. එනම් රෝග ලක්ෂණ පෙන්වන විටදී කිණිතුල්ලන් පෙනෙන්නට නොසිටීමටද පුළුවන්. මීට අමතරව රුධිර පාරවිලයනයකදී වුවද දායකයා ආසාදිත නම් රෝගය ප්‍රතිග්‍රාහක සුනඛයාට බෝවිය හැක.






රෝග ලක්ෂණ:
මුලින් සඳහන් කළ පරිදි රතු රුධිර සෛල වලට පරපෝෂිතයා ආසාදනය වීම නිසා එක්වර අධික රතු රුධිර සෛල සංඛ්‍යාවක් විනාශ වීමෙන් රක්තහීනතාව ඇතිවේ. එම නිසා දරුණු රක්තහීනතාවයේදී පෙන්වන රෝග ලක්ෂණ මෙහිදී ප්‍රධාන වශයෙන් දැකිය හැකිය. රක්තහීනතාව නිසා දේහ පද්ධතිවලට ඔක්සිජන් ලැබීමද සීමාකාරී වෙයි. සුනඛයා උදාසීන ගතියක් පෙන්වීම, විදුරුමසේ සාමාන්‍ය රෝස පැහැය වෙනුවට සුදු පැහැයක් ගැනීම හා ආශ්වාස ප්‍රශ්වාස වේගය වැඩිවීම ආදිය මෙම රෝගයේදී පෙන්වන ලක්ෂණ වේ. කෑම අරුචිය, අධික ලෙස දේහ උෂ්ණත්වය ඉහළ යාම, අක්මාව හා ප්ලීහාව ඉදීමීම ද මෙම රෝගයේදී දැකිය හැක.
විදුරුමස සුදු පැහැ වීමේ ලක්ෂණය 
මුල් කාලයේදී ප්‍රතිකාර නොකළහොත් රෝගය දරුණු අතට හැරෙන අතර සුනඛයාගේ ඇස් හා ශ්ලේෂ්මල පටක කහපාට වීම, මුත්‍රා තද කහ පැහැයක් ගැනීම වැනි රෝග ලක්ෂණ මතුවේ. මෙම කහ පැහැයට හේතු වන්නේ අධික රක්තාණු සංඛ්‍යාවක් විනාශ වීම මගින් පිටවන වර්ණක පරිවෘත්තියෙන් ලැඛෙන අතුරුඵලයන්ය. රෝගයට ප්‍රතිකාර කිරීම ප්‍රමාද වීමෙන් ඇතිවන අධික රක්තහීනතාවයත් අක්මාව, වෘක්ක, පෙනහළු හා මොළය වැනි අවයව වලට බලපෑම් එල්ලවීමත් නිසා සුනඛයා මියයාම වුවද සිදුවිය හැකිය!

රෝගී සුනඛයා රැකබලා ගැනීම:

කිණිතුළු උණ රෝග ලක්ෂණ නිරික්ෂණය කළ වහාම පශුවෛද්‍යවරයෙකු ලවා සුනඛයා පරික්ෂා කරවා ගැනීම හා ප්‍රතිකාර ලබාදීම මගින් රෝගය උග්‍ර අතට හැරීම වළක්වාගත හැක. පශුවෛද්‍යවරයාගේ නිගමනයට අනුව නැවත සුනඛයා පරික්ෂා කිරීමට නිියමිත දිනට සුනඛයා පශුවෛද්‍යවරයා වෙත රැගෙන යාම වැදගත්වේ. මෙහිදී රුධිර පටල පරික්ෂා කිරීම මගින් නැවත ඖෂධ නික්ෂේපන ලබාදිය යුතුද යන්න තීරණය කිරීම කරනු ඇත. මෙය ඉතා වැදගත් වන්නේ ආසාදනය වූ පරපෝෂිතයා සම්පූර්ණයෙන්ම රුධිරයෙන් ඉවත්වී ඇත්දැයි යන්න මෙහිදී පරික්ෂාකර ගත හැකි වීම නිසයි. සුනඛයා රෝග ලක්ෂණ නොපෙන්වා වුවද තව දුරටත් පරපෝෂිතයා රුධිරයේ සිටියි නම් ඖෂධ නික්ෂේපන ලබාදීම මගින් පරපෝෂිතයා සම්පූර්ණයෙන්ම රුධිරයෙන් ඉවත් කළ යුතුය. එසේ ඉවත් නොකළහොත් සුනඛයාගේ ප්‍රතිශක්තිය අඩුවූ කලෙක නැවත රෝග ලක්ෂණ මතුවිය හැක!

රෝග නිවාරණය:

රෝග නිවාරණයේදී අතිශයින්ම වැදගත් වන්නේ කිණිතුල්ලන් මර්දනයයි. රෝගය වැළඳීමට රෝග කාරකය සහිත එක් කිණිතුල්ලකු පමණක් සිටීම පවා ප්‍රමාණවත්ය. කිණිතුල්ලකු පරපෝෂිතයා ආසාදනය වූ සුනඛයකුගේ රුධිරය උරාබීමෙන් පසුව බිත්තර දැමීම මගින් ඇතිවන ඊලඟ පරම්පරාවල කිණිතුල්ලන්ගේ පවා පරපෝෂිතයා දක්නට ලැබේ. මේ ආකාරයෙන් ඉදිරි පරම්පරා තුනක කිණිතුල්ලන්ට පවා බිත්තර මගින් පරපෝෂිතයා ආසාදනය විය හැකිය. මෙහිදී වැදගත්වන තවත් කරුණක් වන්නේ රෝග කාරක පරපෝෂිතයා සුනඛයාගේ ශරීර ගතවීමට නම් වාහක කිණිතුල්ලකු දින තුනක් පමණ රුධිරය උරාබිය යුතුය යන්නයි. එනම් දිනපතා කිණිතුල්ලන් ඉවත් කරමින් සුනඛයා පරිසිදු කරන්නේ නම් කිණිතුළු උණ වැළඳීමට ඇති ඉඩ කඩ අඩුවේ. සුනඛයන් කිහිපදෙනෙකු එකම පරිශ්‍රයේ ජීවත්වන්නේ නම් හා එක් සුනඛයකු රෝගයට ගොදුරු වී ඇත්නම් අනෙකුත් සුනඛයන්ද රෝගකාරකයෙන් ආසාදිතව පැවතීමට ඉඩ ඇත. එබැවින් එම සුනඛයන්ද රෝගය සඳහා පරික්ෂා කරවා ගැනීම වැදගත් වෙයි.


අර්ලිෂියෝසිස් (Ehrlichiosis)


කිනිතුලු උණෙහි දෙවැනි ප්‍රභේදය වන අර්ලිෂියෝසිස් රෝග තත්වය සුනඛයන් අතර බහුලව දක්නට ලැබෙනවා.

රෝග කාරකය හා එය දේහගත වන ආකාරය:

අර්ලිෂියා ගනයට අයත් ජීවී විශේෂ කිහිපයක් මගින් රෝගය වැළෙඳන අතර සුනඛයන්ගේ සිරුරේ වෙසෙන දුඹුරු කිණිතුල්ලන් මෙම රෝග කාරකයේ වාහකයා ලෙස ක්‍රියා කරයි.

රෝග ලක්ෂණ:

මෙම රෝගයේ ඉතා ඉක්මනින් මතුවී දරුණු අතට හැරෙන (acute) හා රෝගය වැළඳී දිගු කාලයක් පවතින(chronic) ලෙස ප්‍රධාන ආකාර දෙකකි. සුනඛයා ක්‍රියාශීලී ගතියක් නොදැක්වීම, කෑම අරුවිය, කෘෂ වීම, දේහ උෂ්ණත්වය ඉහළ යාම, වසා ගැටිති ඉදිමීම, හුස්ම ගැනීමේ අපහසුතාවයන් පෙන්වීම, ඇසින් හා නාසයෙන් විවිධ ස්‍රාවයන් ගැලීමත් ආදිය ඉක්මනින් මතුවන රෝග තත්ත්වයේ ලක්ෂණ වෙයි.
නාසයෙන් ලේ ගැලීම, රක්තහීනතාවය, ඇස් ඉදිමීම, ඇසේ රතු පැහැති පැල්ලම් ඇතිවීම, වෘෂණ කෝෂ හා ගාත්‍රා ඉදිමීම දිගු කලක් පවතින රෝගයේ ලක්ෂණ වේ. මෙම රෝග ලක්ෂණ පෙන්වීමට හේතු වන්නේ රුධිරය කැටිගැසීමට අවශ්‍ය රුධිර පට්ටිකා ඇතුළු අනෙකුත් සංඝටක විනාශ වීම නිසාවෙනි.

රෝගී සුනඛයා රැකබලා ගැනීම:

සුනඛයා රෝගය වැළඳුණු මුල් අවස්ථාවේදීම පශුවෛද්‍යවරයෙකු ගෙන් ප්‍රතිකාර ලබාදීම ඉතා වැදගත්ය. මෙමගින් ඉක්මනින් රෝග ලක්ෂණ පෙන්වා සුව වන රෝග තත්ත්වය දිගු කාලීන රෝග තත්ත්වය දක්වා පරිවර්තනය වීම නවත්වා ගත හැකි වෙයි.
කෙටි කාලීන රෝග තත්ත්වය නිසි ප්‍රතිකාර මගින් ඉක්මනින් සුව වන අතර දිගු කාලීනව ඇතිවන රෝගය සම්පුර්ණයෙන් සුව වීමට මාසයකට වැඩි කාලයක් ගත විය හැකිය. රෝගය දරුණු අතට හැරී රක්තහීනතාවය වර්ධනය වුවහොත් රුධිර පාරවිලයනය පවා කිරීමට සිදුවේ. රෝගී සුනඛයන්ගේ රක්තහීනතාවය ඇතිවීමට ඉඩ කඩ ඇති බැවින් දේහ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් සැපයීම අඩාල විය හැක!. එම නිසා රෝගී සුනඛයාගේ ව්‍යායාම හා අනෙකුත් ක්‍රියාකාරකම් අඩු කිරීම උචිතය.

රෝග නිවාරණය:

කිණිතුල්ලන් මර්දනය කිරීම රෝගය නිවාරණය කිරීමේ ප්‍රධාන ක්‍රමය වේ. එමෙන්ම රෝග ලක්ෂණ ඇති වී තිබේ නම් පශුවෛද්‍ය වරයෙකු ගේ නිර්දේශය මත අවශ්‍ය ඖෂධ නොකඩවා ලබාදීමත් අතිශයින්ම වැදගත්ය.

-පශුවෛද්‍ය අනුර දිසානායක
-(PetLife සඟරාව- 2013 සැප්තැම්බර් කලාපය)




Monday, February 6, 2017

දොස්තර සටන

තමන් ඉගෙනගත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාල එකක්වත් ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී පළමු 2000ට වත් ඇතුලත්ව නැති බව මේ දොස්තරලා දන්නේ නැත. මේ රජයේ වෛද්‍ය විද්‍යාලවල හොඳ ආචාර්‍යවරු හිඟය, ලැබ්වල කෙමිකල් නැත, උපකරණ යල්පැනගොස් කැඩීබිඳී ගොසින්ය. කිසිදු නව පර්යේෂණයක් කිරීමට ප්‍රතිපාදන නැත. ළමයින්ගේ හොස්ටල්, වැසිකිලි ගවගාල් වැනිය. ඉතිං වෛද්‍ය විද්‍යාවේ ලෝකල් ප්‍රමිතිය ගැන කවර කතාද . මේ කෑගහන දොස්තරලාගේ දරුවෝ.... බංගලිදේශයේ,ඉන්දියාවේ,මැලේසියාවේ, සිංගප්පුරුවේ, චීනයේ,පිලිපීනයේ,රුසියාවේ,ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලබති. දේශපාලුවන් තම දරුවන් දේශපාලුවන්කරන්නට දඟලන ඒකත් මේ වගේමය. බමුණු කුලය රැකගත යුතුය. ලෙඩ්ඩුන්ට ආදරේට නොවේ හොද්ද බොරවෙන බව දන්නා නිසාය . නමුත් දේශීය පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්නට මළාට ඉඩදෙන්නේ නැත. මේ නිසා විදෙස් ගතවී වෛද්‍ය අධ්‍යාපනය ලැබිය නොහැකි මධ්‍යම පන්තික දරුවන්ට අඩු මුදලක් ගෙවා වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලැබීමේ මග අහුරා තිබේ. පුද්ගලික වෛද්‍ය විද්‍යාල කිහිපයක් ඇති වුවහොත් තරඟ කිරීමට සිදුවන නිසා ගාස්තු පහළ යනු ඇත. මේවායේ ප්‍රමිතිය ඉහලම මට්ටමේ නොමැති නම් ඒවාට කඩිමුඩියේ අනුමැතිය ලබා නොදිය යුතුය. කිසිම ප්‍රමිතියක් නැති සයිටම් එකේ ප්‍රශ්නය ඇතිවුනේ ඒනිසාය. ප්‍රමිතියක් නැති සයිටම් එකට GMOA සාමාජික...රජයේ දොස්තරලා ගණනාවක්ම තමන්ගේ දරුවන් ඇතුලත්කර...ගලේ පැහැරූ බළලුන්සේ සිටීම හාස්‍යජනකය. ප්‍රමිතිගත පුද්ගලික වෛද්‍ය විද්‍යාල මෙහි පටන් ගත්විට විදෙස් සිසුන් වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලැබීමට මෙහි පැමිණෙනු ඇත... අපේ මුදල් ඉතිරිවී රටට ආදායමක් ලැබෙනු ඇත. අපේ ළමයි මේ සඳහා බංගලාදේශයටත් යනවා ඒ උපාධිය මෙහේ පිලිගන්නවා . .එහි ගිය ළමයින්ගෙන් ඒකෙ ප්‍රමිතිය ගැන දැනගත හැකිය...ලැජ්ජයි !
රජයේ දොස්තරලා සමග එකතුවී ලෙඩුන්ගසාකන පුද්ගලික රෝහල් හරිම ශෝක්ය. ඔය කෑගසන්නේ වෙන මොකවත් නිසා නොවේ... දොස්තරලා වැඩිවී පුද්ගලික වෙදකමට කෙළවෙන නිසාය. හවස හතරටත් කලින් රෝහලෙන් පැනගොස් පුද්ගලික වෙදකම් කරන....ලයිට්කණුවට එකගානේ ඇති ලේ/ මූත්තරා....මෙඩිසින් & සර්ජරි කියා බෝඩ්ගසා ඇති පෙට්ටි කඩවලටත් ප්‍රමිතියක් තිබේද ? ගෙඩියක් පලා බෙහෙත්දැමීමට වඩා සර්ජරියක් මේවායේ කල නොහැකිය . පෙට්ටි කඩේ PP එක හරි ගියොත් ඉන්නා රෝහලෙන් මාරු කරන්නට මළාට බැරිය...මාරු කළහොත් වැටෙන්නේ ගෙම්බෙකු මෙන් පෙට්ටි කඩේ දිහා බලාගෙනය...ළඟ ඇති වෙනත් රෝහලකට කෙසේහෝ මාරුවීම හදාගනියි...ඔන්න දැන් කලින් සිටි රෝහලේ අලුත් දොස්තර ලෙඩේ අදිනවාය...පෙත්සම් ගහනවාය...වතුර ටැංකියට ග්‍රමොක්සෝන් දානවාය.
වෙනදා දොස්තරලා හතර දෙනෙක් සිටි මහ රෝහල් වල OPD එකේ දැන් දොස්තරලා 30/40ක් සිටිති. මෙන්න දොස්තරලාගේ අලුත්ම සෙල්ලම....තමන්ගේ ශිෆ්ට් එක පුද්ගලිකව වෙදකම් නොකරන ඩියුටි ඔෆ් දොස්තර කෙනෙකුට රුපියල් 2000කට (ලෙඩ්ඩු දෙන්නෙකුගේ ගාන) විකුනා, රෝහලෙන් පැනගොස්...තමන්ගේ පෙට්ටිකඩය රෑ 11වනතුරු ෆුල් ටයිම් රන්කිරීම. මෙසේ කරන්නේ ලෙඩ්ඩුන්ට ආදරේටය. ඔවුන් ඉඳහිට රෝහලට පැමිණෙන්නේ මූණ පෙන්වා ඩයරියේ බොරු OT ලියා...ඒකටත් මුදල් වංචාවෙන් ගැණීමට පමණකි. මේවා ඇල්ලීමට කඩාපනින හමුදාවක් ඇතත් කිසිම දොස්තර කෙනෙක් මේලියන මොහොත අල්ලා ගෙදරයවා නැත. ඒ සෞක්‍ය සේවා ජනරාල්ගේ සිට පහලට සියළුම පරිපාලන කටයුතු කරන්නේ දොස්තරලාම බැවිනි...පරිපාලන නිලධාරීන් නොවන නිසා දන්නා පරිපාලනයකුත්නැත...මෙඩිසින් ප්‍රැක්ටිස් නොකරන නිසා මෙඩිසින් දන්නෙත් නැත....ඉස්පිරිතාලවල වැදගත් අත්‍යාවශ්‍ය කිසිම බෙහෙතක් නැත්තේ, ලැබ්වල කෙමිකල් නැත්තෙත් මේ නිසාය. දොස්තර කුමන වරදක් කලත් තමන්ගේඑකා බේරාගැනීමට සංගමය පැනලා ඉදිරිපත්වෙයි. බේරෙන හැටි ගැන නීති උපදෙස් දෙයි. ඉතිං අයියන්ඩි කුමට බිය වන්නද ? ෆුල් ටයිම් කඩමු පොල් !. ඕනෑම මහරෝහලක තත්වේ ඕකය. . .බොරුයි කියනවා නම් ඔප්පුකර පෙන්වීමට සූදානම්ය.

දත් දොස්තරලා...හීන්නූල් කාරයෝය...එක්කෝ චෙයාර්එක කැඩිලාය...එක්කෝ ලයිට්නැත...නැත්නම් වතුරනැත...ෆිලින් මැටීරියල් නැත...එහෙමත් නැත්නම් උදව්කරන සුලුසේවකයා නිවාඩුය. දත්ගැලවීමට සූදානම් නමුත් කරන්න විදියක් නැත. ෆුල් ආතල් එකේ iPHONE එකේ ගේම්ගසමින්/ෆේස්බුකියේ කැරකෙමින් සිට දවල් 11වනවිට පැනගනියි. ඩයරිය චෙක් කලොත් උදේ 8සිටසවස4 දක්වා වැඩකර තිබේ. කරන ඔන්කෝල් එකක් නැතත් ඔන්කෝල් දීමනාවද නිරායාසයෙන්ම ලැබේ. පුදුමය නම් හවසට හොරෙන් පුද්ගලික වෙදකම් පමණක් කරන පරිපාලන දොස්තරලාද ඔන්කෝල් දීමනාව ලබා ගැනීමයි. මේ හැටහුටාමාරක් පරිපාලන දොස්තරලා කොයිම වෙලාවකවත් කාමරේ නැත. කොන්ෆරන්ස් ගිහින්ය. දත් දොස්තරලා වැඩකරන්නේ උදයවරුව පමණකි. කඩාපනින හමුදාව චෙක් කලොත් පෙන්නන්නට දිනය නොදැමූ හාෆ්ඩේ ලීව් චිට් එකක් ලොක්කා ගාව ස්ථිරවම තබා තිබේ. පුද්ගලික දත්කඩයේ ජෙනරේටර්, වතුර,ෆිලින් මැටීරියල් අලුත්ම ඩෙන්ටල් චෙයාර්එකක් තිබේ...හෝගාලා වැඩය. දත් එකදිගට ගලවමින් පනිට්ටුවට දමා පොකට්ටුවට විදිති. දොස්තරලා ස්ට්‍රයික් කර ලෙඩුන්ගේ ගෙලමිරිකා ලබාගන්නා සියළුම වරප්‍රසාද පඩිවැඩිවීම් දත්දොස්තරලාටත් ඉබේම ලැබේ. ෆුල් ආතල්ය.
දොස්තරලා දෙදෙනෙක් හෝ තිදෙනෙක් ඇති කුඩා රෝහල් සහ ඩිස්පැන්සරිවල කොයි වෙලෙත් වැඩකරන්නේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් පමණකි. එත් වරුවක් පමණකි. (අර ලීව් චිට්එක ? ආ ඒක තියෙනවා) හවසට අනික් දෙදෙනාගෙන් එක්අයෙක් කවර් කරයි. තිදෙනෙකුට කරන්නට තරම් දෙයක් මේ ආයතනවල නැත. වෙනදා එක දොස්තරකෙනෙක් පමණක්සිටිMOH ඔෆිස් වල පවා දොස්තරලා හතර පස් දෙනෙක් සිටිති. වරුවක් පමණක් වැඩකරන මේ ආයතන වල දොස්තරලා එකිනෙකා මුණගැසෙන්නේ පඩි දිනයට පමණකි. සියළු දෙනාම ෆීල්ඩ් එකේය.සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රයිවෙට් බස්එකක්මෙන් දොස්තරලාගෙන් පුරවාතිබේ. අතිරික්තයක් මිස කිසිදු දොස්තර හිගයක් නැත.
චැනල් ක්‍රීඩාවේ යෙදෙන විශේෂඥ දොස්තරලා ගැනද නොකියාම බැරිය. මේ බමුණු කුලයේ සුපිරිම එකය (සර් නොකියා ඩොක්ට කිව්වොත් බඩුම තමයි ). හවස 4ට එන්න පොරොන්දුවූ මහා කාරුණික එතුමාණෝ.... රෑ අටවෙන තුරුත් පැමිණ නැත. රජයේ රෝහලේදී විනාඩි පහේ පරක්කුවට කෑගහන ලෙඩ්ඩු...රෝගී මූණූ, හපුටු කරගෙන මනා ඉවසීමෙන්... සීරුවෙන්... ප්ලාස්ටික් පුටු රත් කරමින් බලාසිතිති. ඔන්න.... චැනල් සෙන්ටර් කීපෙකට ගොස් සල්ලි පොට්ටනිය කාර්එකේතැබූ එතුමාණෝ.... නලාව කරකවමින්...පුකට මෝටරයක් හයිකළාසේ කඩාගෙන බිඳගෙන පැමිණෙයි.... වෛද්‍ය පික්පොකට් මහතා හමුවීමට පැමිණි රෝගීන් 33 කාමරයට පැමිණෙන්න....ලවුස්පීකරේ කෑගසයි... ලෙඩ්ඩු දොරගාව පොරකති. සෙරෙප්පු ගලවන්න, ෆෝන් ඔෆ් කරගන්න...හා ෂර්ට් එක ගලවන්න ඉක්මනට...ඉක්මනට...සුදු කොටගවුම් ගැටිස්සී මොරදෙයි. පුදුම හදිසියකි. මොකද අමාරුව...වැල්වටාරං නැතුව ඉක්මනට කියන්න...තව 68දෙනෙක් ඉන්නවා…විනාඩි පහයි ගේම ඉවරයි පුදුම රෝගී පරීක්ෂාවකි...කොලිටිම රෝගී පරීක්ෂාවකි....කොම්පියුටරයක් වගේය ...හරි...හරි...මේ පරීක්ෂණ ටික කරගෙන ආයෙත් එන්න...දැනට මේක බොන්න. (දකුණු අතින් නලාව තබා වම් අතින් පොකට් එකට විද්දේය.) Proper history taking, inspection, palpation, percussion, and auscultation... differential diagnosis? side effects of drugs? එන්න එපා මාත් එක්ක පණ්ඩිතකං දොඩවන්න...මේව බොනව හරිද... නාන්නද සර්..හොඳට නාන්න...ඊළඟ එන්න...මොනවද සෑර්කන්න හොඳ...ඇපල්, මිදී, චීස්,බේකන්,පිට්සා වගේ ඒව හොඳයි....මාමයිට් බොන්න...ඊළඟ එන්න.
මේ කරන සෙල්ලම...තමන් ඉගෙනගත්, උසස් අධ්‍යාපනය ලැබූ ඉංගලන්තේදී කරානම්...අවම වශයෙන් අවරුදු දහයකට හිරේ ගොස්....ලෙඩාට වන්දිත් ගෙවීමට සිදුවනවා සිකුරුය.
සාමාන්‍ය චැනල් ගාස්තුව රුපියල් 1400යි (ලංකා හොස්පිටල්) දොස්තරට 1000යි. දිනකට 50 බැගින්(හුඟක් අය එයිට වැඩිය බලනවා) දවස් 330ක් (35ක් නිවාඩු කියමුකෝ) ලෙඩුන් බැලුවොත් වාර්ෂික ආදායම 50X 1000 X 330 = 16500000 + (වාර්ෂික වැටුප් )1800000 = 18300000 (ලක්ෂ 183යි, ලැබ්වලින්, බෙහෙත් වලින් එන කොමිස්, රට සවාරි, සම්මන්ත්‍රණ හැර )...නෑ...කොහෙත්ම පාඩු නෑ! .
දැන් කියන්නට යන්නේ රෝහල් එකක වත් අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග නොමැති වීමට හේතුවයි. ශ්‍රී ලංකාවට ගෙන්වන බෙහෙත් වර්ග අනුමත කිරීමට කොමිටියක් තිබේ. මේකේ සාමාජිකයෝ දොස්තරලාය. නියමෙටම හොද්ද බොර කරගෙන....කොළඹ ස්විමින්පූල් සහිත ගෙවල් දෙකතුනක් ඉක්මණටම හදාගතහැකි ජොබ් එකකි. කොම්පැණි (බොහෝවිට ඉන්දියන් ) කාරයින් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන...කිසිම ප්‍රමිතියක් නැති බෙහෙත් වර්ග( බෙහෙත් නිපදවීම ඉන්දියාවේ ගෘහකර්මාන්තයකි) නිසි පරීක්ෂාවකින් තොරව අනුමත කිරීමට මේ දොස්තරලා සතයක් වත් පගාව ගන්නේ නැත. තරුපහේ හෝටල්වල පවත්වන දොස්තරලාගේ සියලුම සම්මන්ත්‍රණ, ගෙට්ටුගෙදර්, AGM වලට බරපැණ දරන්නේ දැවැන්ත ප්‍රකෝටිපති අන්තර්ජාතික ඹෞෂධ සමාගම්ය. කෝටි ගණන් වියදම් කර ගෙන්වන මේ ඉන්දියන්
බාල බෙහෙත් වර්ග වලින් බොහොමයක් නියමිත දිනට කලින් නරක් වෙයි. ඉන්ජෙක්ෂන් වල පාට වෙනස් වෙයි...පෙතිවර්ග කුඩුවී දියවෙයි...එවිට කරනුයේ මෙම බෙහෙත් වලලා දැමීම පිණිස ආපසු එවන ලෙස දන්වා චක්‍රලේඛන සියගණනක් වසරකට නිකුත් කිරීමයි. මේවනවිට මේ බෙහෙත් වර්ග බොහොමයක් රෝගීන් වෙත නිකුත්කර හමාරය. (ඔවුන් සියළු දෙනාටම "ටෞකණ්ඩ" දෙවි පිහිටයි..."පට්ටෞත්ති" දේවතාවියගේ ආරක්ෂාවයි ). මේක බොරුවක්ද කියා ඕනෑම රජයේ දොස්තර කෙනෙකුගෙන් අහන්න.
මේ තක්කඩි වැඩේ දිගින් දිගටම අනාදිමත් කාලයක සිට සිදුවන නමුත් බෙහෙත් හිඟයේ වගකීම බාරගන්නා කෙනෙක් නැත. මේ කෝටි ගණන් වලලන්නේ මහජනයාගේ බොටුව මිරිකා ගන්නා බදු මුදල්ය. දොස්තරලාගේ ගෙට්ටුගෙදර් සියල්ලටම ස්පොන්සර් කරන්නේ ඩෞධෞෂධ සමාගම්ය. උපදේශකයින් ලෙස පමණක් වෛද්‍ය මණ්ඩලයක් තබාගෙන, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අරක් ගෙන ඇති, පෙන්ෂන්යනතුරුම මහජන මුදල් ගසාකමින් දෙපාර්තමෙන්තුවේ ලැග ඉන්නා (මොවුන්ට මාරුවීම් නැත).... දොස්තර මාෆියා ඩිරෙක්ටර් නඩය එලවා දැමිය යුතුය. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිවිල් පරිපාලන නිලධාරීන්ට බාරදිය යුතුය. විසඳුම එයයි. මෙසේ කළහොත් දොස්තරලා මාසහයක් එක දිගට ස්ට්‍රයික් කරනු ඇත.
කුහක බමුණුකුල GMOA එක... හෙදියක් වෙදනලාව පාවිච්චිකර BP බලනවාට විරුද්ධවිය...නර්ස්ලාට, පාමසිස්ට් ලාට පැරා මෙඩිකල් අයට, RMO ලට, ඔක්කොටම ඩිග්‍රීයක් ගන්න නොදී කැපුවා දැන් සපෝට් එකට කව්රුවත් නැත ! මේ සුපිරි බුද්ධිමතුන් තමන්ගේ ඕස්ට්‍රේලියාවේ පදිංචි දොස්තර පුතුට කසාද බැඳීමට සොයන්නේ අඟහරු 7 නැති බොදු ගොවි කේන්දරය...බෙන්ස් කාර් එකේ දෙහි ගෙඩි සහ මිරිස් කරල්ද එල්ලා ඇත !

වෙද සිසුන් හා දොස්තර මහත්තුරැන්ගේ වෘත්තීය කුහක කම

මන් මේ කියන්නට යන්නෙ දොස්තර මහත්තුරැ නිදහස් අධ්‍යාපනය සුරකිමුයි අරක මේකයි කියා කිව්වත් ඒ අයගේ ඇත්ත පැටිකිරියයි. පේරාදෙනීය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීට අවසන් වසර සිසුන් වන අප මේ ගැන හොදින්ම දනී. අප පීඨයට ඉහලම z අගයන් වලින් කැම්පස් වලට ඇතුල් කරගන්නා අතර උදාහරනයක් ලෙස පශු වෛද්‍ය උපාදියට පවා වඩා වැඩි z අගයක් ඇති උපාදි වන physiotherapy, mls වැනි උපාදිද ක්‍රියාත්මක වේ. බොහෝ ද්‍රිස්තික්ක වලින් අඩු z වලින් පැමිනි වෛද්‍ය සිසුන්ටද වඩා වැඩි z අගයක් ඇති සිසුන් බහුතරයක් ඉගෙනුම මෙම පීටයේ ඉගෙනුම ලබයි. එපමනක් නොව වෛද්‍ය, දන්ත වෛද්‍ය උපාදිවලට යෑමට තිබියදී එවාට නොගොස් පැමිනි සිසුන්ද සිටිති.කොටින්ම දොස්තර මහත්තුරැ පාරම්බෑවට සමහර අඩු z ඇති ද්‍රිස්ත්‍රික්ක වලින් පැමිනි දොස්තර මහත්තුරැන්ට වඩා ප්‍රතිපල ඇති nursing උපාදිදාරීන් අදද පේරා කැම්පස් එකට ගියොත් බලාගත හැක. මා මෙලෙස හැදින්වීමක් කරේ ඔබට වඩා හොද චිත්‍රයක් මවාගැනීමට පහසුවීම පමනක්ම නිසාය.
2005 පලමු සිසු කන්ඩායම විශ්ව විද්‍යාලයේ මෙඩිකල් පැකල්ටියට ආ දින කලු කොඩි දමා හූ කියා සම සෞඛ්‍ය සිසුන් නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍යයේ නාමයෙන් පන්නා දැමීය. ඉන්න තැනක් නැතිවූ එම සිසුන්ට සනාතන මන්දිරිය පාමුල මාස ගනනක් ලැග අවසානයේ වෙනම පීටයක් ලේ කදුලු මතින් ලබාගැනිනි.එතනින් නොනැවතී දහසක් දුක් කරදර වලින් බැටකා අවසන අදත් සායනික පුහුනවට පේරාදෙනි,නුවර රෝහල් නිදහස් අධ්‍යාපනයේ හා සෞඛ්‍යයේ නාමයෙන් ලබා නොදුන් ජී එම් ඕ මහත්තුරැ හා වෙද සිසුන් නිසා අදටත් කුරැනෑගල රෝහලට,හලාවතට, වැලිසරට වැනි ඈත රෝහල්වල බෝඩිම් වී අතින් මුදල් වියදම් කරගෙන කාලය නාස්තිකරමින් දුස්කරව ඉගෙනීමට සිදුව ඇත.
සායනික විද්‍යාගාර කබාවේ දිගද ඔවුන්ට ප්‍රස්නයක් විය. අත වැහෙන්නට වෙද සිසුන් මෙන් තිබුනොත් එය තමුන්ගේ පැලැන්තියට හානියක් බව සිතූ ඔවුන් සම සෞඛ්‍ය සිසුන්ගේ කබාවෙ අතද කප්පාදු කලේය. 
ප්‍රතිකාර සදහා කෙතරම් අවශ්‍ය උවද වෙද නලාව රැගෙන යාමට වෛද්‍යවරැ අපට ඉඩ නොදෙයි. රෝග විනිස්වය වෙදනලාව නැතුව වැරදී ලෙඩා මැරනත් ඔවුන්ට කමක් නැත. ඊට වඩා තමුන්ට විතරක් උරැම ආභරනයක් ලෙස සිතා වෙන කාටවත් නොදියයුතුයැයි ලන්කාවේ පමනක් සිටින උඩගු දොස්තර වරැ සිතයි.

මගේ පුද්ගලික සිදුවීමක් සිහිපත්කරමි. මම වෙද සිසුන්ගේ උත්ඝෝශනයකට පෙර දින සහභාගී විය. එයට බහුතර වෙද සිසුන් සහභාගී නොවුනු අතර ඔවුන් සායනික පුහුනවට යද්දි අප ඔවුන් වෙනුවෙන් එයට සහභාගී විය. පසුදින මා කුරැනෑගල රෝහලේ ප්‍රතිකාර ලෙඩුන්ට කරන විට එයට ඈත තියා කින්ඩියට සිනාසුනු වෙද සිසුන් හා වෛද්‍යවරැ මා පෙන්නා මුනුත් ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරනවායැයි කියමින් සිනාසෙමින් ඔවුනොවුන් කතාකරනවා මට ඇසුනි. මට මේ කුහකත්වය පිලිබද දැනුනු පිලිකුල විස්තර කර නොහැක.
තවද සමසෞඛ්‍ය උපාදිය වසර 4 සිට වසර 3 කප්පාදුකර ඉගෙනීමේ අයිතිය අවුරැද්දකින් අඩුකලේ තමුන්ගේ උපාදි කාලසීමාවට සමාන වේයැයි බියටද නැත්තම් නිදහස් අධ්‍යාපනය ගැන සිතාද සෞඛ්‍යයේ ප්‍රමිතිය ගැන සිතාදැයි ප්‍රමිතිය ගැන දැන් බොරැවට කියෝන දොස්තර මහත්තුරැන්ගෙන් මට අහන්නට ඇත. 
සම සෞඛ්‍ය සිසුන්ට මෙතරම් සුදුසුකම් තිබුනත් වසර ගනනක් යනතුරැ රජයේ රැකියාවලට ඒමට දොස්තර මහත්තුරැ ඉඩ නොදුනි. වසර 4 උපාදිදාරීන්ට මෙරට ලැබෙන SL කාන්ඩයේ වැටුප වෙනුවට අදටත් වසර 2 ඩිප්ලෝමා වේතනයෙන් එහා සතපහක් අවුරැදු හතරහමාරක (4.6) උපාදියක් ලබන සම සෞඛ්‍ය උපාදිදාරීන්ට නොදෙන්නට වෛද්‍යවරැ කටයුතුකර ඇත. 

ඔවුන්ගේ සන්ගමයෙන් බෙදාහැරි අපදුටු ලීප්ලට් වලට අනුව නම් ඒ ලොව අනෙක් රටවල පරිදි ඔවුන්ගේ ඒකාදිකාරය නැතිවී මෙරට රෝහල් පරිපාලනයට පිසියොතෙරපිස්ට් කෙනෙක් නර්ස් කෙනෙක් වෛද්‍ය රසායනාගාරවරයෙක්,විකිරන ශිල්පියෙක්, ඖෂදවේදියෙක් ඒ යැයි ඔවුන් දක්වන බියයි. ඔවුන්ගේ තත්වයට හානියක් වෙයි යැයි වන බියයි. ලන්කාවේ පිසියෝස්ලට නමට ඉදිරියෙන් Dr. යන්න භාවිතාකලොත් වැඩේ බලාගත හැක. ලෝකයේ කෙසේ වෙතත් මේ කොදෙව් මානසිකත්වයෙන් ඉන්න අපට එව්ව වැඩක් නැතැයි ඒ මහත්තුරැ හිතයි. 

මෙවැනි අසාදාරන නිසා අද මෙම උපාදිදාරීන් ගනනාවක් විදේශ රටවල ඉහල ප්‍රතිලාභ ඉහල වැටුප් වලට ඇදෙයි. මෙරට රෝගීන් ගනනාවක් සුවපත් කිරීමට තිබු අවස්තාව එමගින් නැතිව යයි. අවුරැදු 4. මාස 6 ඉගෙනුම ලබා රැපියල් 15000 පඩියට වැඩකරන්නට වනවාට කවුරැත් කැමති නැත. නමුත් එසේ වැඩ කරන ඉහලම අද්‍යාපන මට්ටම් ඇති උපාදිදාරීන් අද ලන්කාවේ බහුතරයක් රෝහල් වල සිටින්නේ දොස්තර මහත්තුරැන්ගේ කරැනාවට පින්සිදු වෙන්නටයි. ඔවුන්ගේ අනාගතය, පවුල් වල ඉරනම, දෙමාපියන්ගේ බලාපොරොත්තු කඩවීම්, ඔවුන් අද විදින ප්‍රස්න දුස්කරතා සියල්ලට වෛද්‍ය සන්ගමය වගකියයුතුවේ.
ලෝකයේ ඉහලම වේතන ලබන හා වැඩිම පිලිගැනීමක් ඇති රැකියා 10 අතර physiotherapy, nursing වැනි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා ඇත. මා මෙසේ කීවෙ මුදල් ගැන පැවසීමට නොව වෛද්‍යවරැන්ගේ බිය හා වන අසාදාරනකම් වඩා හොදින් තහවුරැ කිරීමටය.

මේ එක පැතිකඩකි. සාදාරණ අසාදාරණත්වය ඔබ තීරනය කරන්න. තවත් කරැනකි. ඔය එක වෙද සිසුවෙක් වත් වෛද්‍යවරයෙක්වත් කොතලාවල, IIHS වැනි තැන් වල සෞඛ්‍ය උපාදි විකුනද්දී මීක් කියාවත් කීවේ නැත. එම සේවා අතේද රෝගී ජීවතය ඔවුන් අත රැදී ඇති අවස්තා බොහෝය. නමුත් රෝගීන්ට ආදරේ නිසායැයි බොරැවට කිඹුල් කදුලු වගුරන ඔවුන්ට ඒවා අදාල නැත.
කියන්නට ගියොත් හෙට වෙනකන් කියන්නට කරැනු ඇත. කවුරැහරි වෛද්‍යවරයෙක් වෛද්‍ය සිසුවෙක් නිදහස් අද්‍යාපනය, සෞඛ්‍යයේ ප්‍රමිතිය නිදහස් සෞඛ්‍ය ගැන කතාකලොත් කනෙන් ඇද හීන් හිනාවක් දමා මෙම පෝස්ටුව පෙන්නන්න. (මෙය මෙවැනි මතයක් නොදැරෑ සමහර වෙද සිසුන්ට,වෛද්‍යවරැන් වැනි සැබෑවටම නිදහස් අද්‍යාපනය, සෞඛ්‍ය ගැන සිතන මිනිසුන්ට කොහෙත්මඅදාල නැත)

Tuesday, January 17, 2017

SVSA President Reply !!! on current situation


සියලු කමිටු සාමාජිකයන් ගේ දැනුවත් වීම සඳහා,
මේ දිනවල අපගේ වෘත්තීය සංගමයේ කමිටු සාමාජිකයන් දැඩි ලෙස විවේචනය කරමින් ඉතා පහත් ආකාරයේ මඩ ගැසීමේ කටයුත්තක් Face book තුල සිදු වෙමින් පවතී.
අප සංගමයේ හිටපු සභාපති වෛද්‍ය කීර්ති කුමාර මයා විසින් පවත්වා ගෙන යන “SVSA” නැමති group එක මගින් අප කමිටුවේ සාමාජිකයන් හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ ව ඉතාමත් පහත් ආකාරයේ විවේචන, දෝෂාරෝපණ හා මඩ ගැසීමේ කටයුත්තක් සිදු වෙමින් පවතී. මෙය කුමක් අරමුණ කර ගනිමින් සිදු කරන්නේ ද යන්න පිළිබඳ ව වහා සොයා බැලිය යුතු ව ඇත. වෘත්තීය සංගමයේ කමිටු සාමාජිකයෙකු වන ඔහු මෙතෙක් පැවැත් වූ කිසිදු කමිටු රැස් වීමකට සහභාගි නොවී අනෙකුත් සාමාජිකයන් කරනු ලබන කැපවීම් පිළිබඳ ව තුට්ටුවකට මායිම් නො කර මෙසේ කටයුතු කරමින් ලබන්නේ කුමන ආකාරයේ වින්දනයක් ද යන්න පිළිබඳ ව ද ඇත්තේ බලවත් කනගාටුවකි.
එම group එක “SVSA” නම් කල ද එහි අපගේ සාමාජිකයන් නොවන අය පවා සිටින අතර පසුගිය කමිටුවේ ඡායාරූපයක් ද එහි යොදා ඇත. එහි සටහන් යොදා ඇති “පැතුම් බුද්ධික” නම් නැගෙනහිර පළාතේ සේවය කරනු ලබන මෙවර ස්ථාන මාරු ලැබ සිටින පශු වෛද්‍ය වරයා විසින් ඉතා මත් පහත් ආකාරයෙන් අප කමිටුව විවේචනය කර ඇති බව මා වෙත කීප දෙනෙකු විසින් දැනුම් දී ඇත.
නැගෙනහිර පළාතේ පශු වෛද්‍ය වරුන් ගේ ස්ථාන මාරු අයඳුම් පත් පළාත් සභාව විසින් නිර්දේශ කර නො එවූ අවස්ථා වේ අප මැදිහත් වී හිටපු අධ්‍යක්ෂ ජනරාල් තුමිය සහ රේඛීය අමත්‍යංශයේ ලේකම් තුමිය දැනුවත් කර පළාත් සභාවේ අනුමැතිය රහිතව ඔවුන්ගේ අයැදුම් පත්‍ර වල සෘජු පිටපත් ගෙන්වා ඒවා යොදා ගනිමින් ස්ථාන මාරු ලබා දීමට කටයුතු කරන ලදී.
මේ වන විට පශු වෛද්‍ය වරුන් කීප දෙනෙකු පමණක් එම පළාතෙන් නිදහස් කර ඇති අතර අනෙක් අය පිළිබඳ ව ආණ්ඩුකාර වරයා සමග සාකච්ඡාවක ට ජනවාරි 11 වෙනි දින යොදා සිටියද අවසන් මොහොතේ ඔහු විසින් පළමුව අමාත්‍යංශයේ ලේකම් සමග සාකච්ඡා කරන ලෙස පවසා සාකාච්ඡාව අවලංගු කරන ලදී.
නැගෙනහිර පළාතේ පළාත් අධ්‍යක්ෂ සහ ලේකම් සමග සාකච්ඡා කිරීමට ජනවාරි 19 දින යොදා ගෙන ඇත.

නමුත් මේ වන විට එම පළාතේ පැතුම් බුද්ධික යන පශු වෛද්‍ය වරයා සහ තවත් කීප දෙනෙකු එක් වී අප කමිටුව ඉහත කී චෝදනා හා අපවාද වලට ලක් කරමින් සිටී.
එම නිසා වෘත්තීය සමිතිය ලෙස තව දුරටත් අප මෙම කටයුත්ත ට මැදිහත් විය යුතු ද?

මේ සියළු දේ පිළිබඳව දැන සිටිමින් තම face book group එක යොදා ගනිමින් දැනට සිටින කමිටුව අපවාදයට ලක් කරමින් සිදු කර ගෙන යන මෙම පහත් ක්‍රියා ව පිළිබඳ ව ගත යුතු ක්‍රියා මාර්ගය කුමක් ද?
මාගේ අදහස නම් 1. තව දුරටත් මොවුන් වෙනුවෙන් මැදිහත් වීමක් අවශ්‍ය නොවේ 2. මෙම පුද්ගලයින් පිළිබඳ ව සියලු ම සාමාජිකයන් දැනුවත් කල යුතු ය.
ප: ලි: මේ වන විට සබරගමුව පළාතට ස්ථාන මාරු ලබා සිටින මෙම පශු වෛද්‍ය වරුන් අතරින් කීප දෙනෙකු දේශපාලකයින් ලවා තමන් හට ජනප්‍රිය ස්ථාන ලබා දෙන ලෙසට සබරගමු පළාත් අධ්‍යක්ෂ වෙත දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බව ද දැන ගැනීමට ඇත.
අමරසිංහ
From SVSA Face book page

Sunday, December 25, 2016

Do Dogs See Only In Black And White?


Veterinarians used to believe that dogs saw only in black and white, but recent studies suggest that they actually do have some color vision—but it's not as bright as a human's. As it turns out, dogs have only 20% of the cone photo-receptor cells—the part of the eye that controls the perception of color—that humans have.

While we can't ask dogs to read an eye chart or pick out colors, behavioral tests suggest that dogs see in shades of yellow and blue and lack the ability to see the range of colors from green to red. In other words, dogs see the colors of the world as basically yellow, blue, and gray.
One amusing fact is that the most popular colors for dog toys today are red or safety orange. The problem, of course, is that red is difficult for dogs to see and may appear to them as a very dark brownish gray or even black. So if your dog runs right past the toy that you tossed, he may not be stubborn. He's probably just having a hard time discriminating it from the green grass of your lawn.
A dog's visual acuity is also less developed than ours. Some experts believe that dogs only have 20–40% of our visual acuity. That means an object a human can see clearly may appear blurry to a dog looking at it from the same distance. Canines, on the other hand, are able to see in much dimmer light and can detect motion more easily than we can, something that served them well in the wild as nocturnal hunters of camouflaged prey.

Thursday, December 15, 2016

Help to Build a Better Future for Veterinary Students


Prof Indira de Silva and Prof Ashoka Dangolla, two academic staff members of department of clinical studies, FVMAS University of Peradeniya have been blamed for serious disciplinary violations at work over past several decades in social media. Recent incidence associated with students indicate that their actions are outrageous and cause significant threat to the current and future veterinary undergraduates.
Main purpose of this petition is to force authorities to take immediate long term measures to prevent violence and abuse of veterinary undergraduates and help improve veterinary clinical training environment for future students and internees. A thorough impartial investigation into all matters raised here are requested.
All qualified veterinarians who have been graduated from university of Peradeniya are requested to sign this petition if you victimized or witnessed bellow mention crimes by academic staff members during your undergraduate period. You may indicate your current position in the industry and leave a brief comment regarding specific incidence or experience if you wish.
1. Bullying during the small animal clinical training programme- unreasonably humiliated or threatened or manipulated against the will by these staff members
2. Unreasonably and inappropriately suspending students from participating lectures or practical clinical training by these staff members
3. Willingly neglecting teaching responsibilities substantially such as abandoning lectures or clinical rounds or discussions by these staff members
4. Examination or evaluation crimes such as taking personal revenge by suspending students from oral examinations or suspected biased marking


This petition is independent, impartial and not motivated by any political parties in any manner.
After a reasonable period, it will be presented to The Hon President Mithreepala Sirisena, Minister of Higher Education, Chairman of University Grants Commission, Vice Chancellor of University of Peradeniya, Dean, Faculty of Veterinary Science and Animal Health, University of Peradeniya and all relevant professional bodies in the country for their attention and urgent action.

Dankan Rathnayake

Australia

This petition will be delivered to:
  • The Hon President Mithreepala Sirisena
  • minister of higher education
  • Chairman of University Grants Commission

පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ අලකලංචිය


පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ රැග් දෙන්න ගිය අයව ගුරුවරු රැග් කර වේදනාව කියාදීලා


පේරාදෙණිය විශ්ව විද්යාලයේ පශු වෛද් පීඨයට ඇතුළත්වූ නවක සිසුන් පිරිසකට ජ්යෙෂ්ඨ සිසු පිරිසක් අමානුෂික ලෙස නවක වදය ලබාදුන්  පසුව එයට ගුරුවරුන් එක්ව ජ්යෙෂ්ඨයින්ටරිටර්න් එකදුන් බව කියන සිද්ධියක් නිසා මේ වනවිට කලබලකාරී තත්වයක් හටගෙන තිබේ.

නවක සිසුන්ට නවක වදය දුන් ජ්යෙෂ්ඨයින්ව කැඳවා පීඨයේ විනය පාලක හා ආචාර්ය මණ්ඩල නියෝජිතයින් ඔවුන්වද රැග් එකට සමාන දඩුවමකට ලක්කර තිබෙන අතර මේ ගැන නිවේදනයක් නිකුත් කරන ශිෂ් සංගමය සිද්ධිය විස්තර කර ඇත්තේ පශු වෛද් ශික්ෂණ රෝහල තුළ පැය 2 කට වැඩි කාලයක් ශිෂ්යාවන්ගේ අත් ඔසවා තබා සහෝදර ශිෂ්යන් දණ ගස්වා ශිෂ් ශිෂ්යාවන්ට පරුෂ වචනයෙන් තර්ජනය කරමින් විවිධ ඉරියව් නිරූපණය කිරීමට බල කරමින් වීඩියෝ ගත කිරීමද සිදු කර ඇත.‘ යනුවෙනි.

පසුව ජ්යෙෂ්ඨ සිසුන් තිදෙනකු තමන්ට ශාරීරික හා මානසික පීඩාවන් එල්ලවූ බව කියමින් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්රතිකාර ලබා අැති අතර දිනකට පසු පිටව ගොස් තිබේ.
ජ්යෙෂ්ඨ ශිෂ්යාවක් සහ සිසුන් දෙදෙනෙකු රෝහල් ගතවූ බවත් දැඩි මානසික කම්පනයකට ඔවුන් ලක්වූ බවත් සංගමය දන්වා තිබුණි.

නවක වදය දුන්නාට දඩුවමක් ලෙස මෙම ප්රතිප්රහාරය දියත් කළේ සරසවි  පීඨයේ විනය පාලක මහාචාර්යවරයා සහ තවත් මහාචාර්යවරියක සහ පශු වෛද් වරයෙකු සමග එක්වූ අවසන් වසරේ සිසුන් හතර දෙනෙකු බව සංගමය චෝදනා කරන අතර එය අමානුෂික ප්රහාරයක් ලෙස ඔවුන් හෙළාදැක තිබේ.

මේ පිළිබඳව සොයාබැලීමේදී පශු වෛද් පීඨය තුළ ඉතා තදින් නවක වදය පවතින බවත් මේ හේතුවෙන් පසුගිය වසර හතරක කාලය තුළ සිසු සිසුවියන් 06 දෙනකු පාඨමාලාව අතහැර ගොස් තිබෙන බවත් අනාවරණය වන අතර මෙම නවක වදය වසර පුරාම විටින් විට පැවතීම හේතුවෙන් විශ්ව විද්යාලයේ පශු වෛද් පීඨයට ඇතුළුවන සිසුන්ගෙන් 90 % ක් පමණම පළමු වසරේ විභාගය අසමත් වන බවත් ජ්යෙෂ්ඨ සිසුන් නවකයින්ට පළමු වසර තුළ නිසි අධ්යාපනයක් සිදු කරගෙන යෑමට කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් වාර්තා විය.

 මෙම ‘ප්රතිප්රහාරය‘ ගැන අදහස් දක්වන ආචාර්ය වරුන් පවසන්නේ අවවාද කිරීමක් හැර කිසිදු අකාරයක ශාරීරික පීඩාවක් ඔවුන් සිසුන්ට සිදු නොකළ බවයිකෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විශ්ව විද්යාල උපකුලපතිවරයා මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එයට රුකුලක් ලෙස පරීක්ෂණ අවසන් කරනතුරු විනය පාලක තනතුර දැරූ මහාචාර්යවරයා වෙනුවට වෙනත් අයෙකු පත් කර ඇත.
පහත පළවන්නේ ශිෂ් සංගමය මෙම සිද්ධියෙන් පීඩාවට පත්වූ අයගේ යයි දක්වා එවූ ඡායාරූපයි